27 C
Colombo
Monday, May 16, 2022

හිජාස් හිස්බුල්ලාට අදත් ඇප නැහැ

- Advertisement -

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට ඇප ලබාදීම අද (28) දිනයේත් මහාධිකරණය ප්‍රතිෂේප කරනු ලැබූවා.

ඒ ඊට අදාළ නඩුව අද මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් හිජාස් හිස්බුල්ලා මහතා හට ඇප ලබාදීමට අභියාචනාධිකරණයේදී මීට පෙර නීතිපතිවරයා එකඟවී තිබුණා.

එම කරුණ හිජාස් හිස්බුල්ලා මහතාගේ නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පැවසුවේ ඊට අදාළව නීතිපතිවරයාද කැමැත්ත පලකර ඇති බවයි.

කෙසේ වෙතත් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණය අද දෙවන වතාවටත් කටයුතු කළා.

මේ අතර හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ චෝදනා පත්‍රයේ සිද්ධිය සිදුවූ කාල වකවානුව ලෙස 2018 අගෝස්තු පළමුවැනිදා සිට 2018 අගෝස්තු 31 දක්වා කාලවකවානුව සඳහන් වුවද, අධිකරණයේ සාක්ෂි දෙමින් සිද්ධිය සිදුවූයේ 2018 නව වැනි මාසයේ හෝ දහ වෙනි මාසයේ බව සාක්ෂිකරු සඳහන් කළ නිසා 2018/8/01 සිට 2018/10/31 කාලය සිද්ධිය වූ කාලය ලෙස සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස රජයේ නීතිඥවරිය මීට පෙර ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් මහාධිකරණය එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව නඩුව එළැඹෙන පෙබරවාරි මස 18 වන දින දක්වා කල් ගිය අතර එදිනට පළවෙනි සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට නියමිතයි.


RECENT ARTICLES - SINHALA

අපිට පෙට්‍රල් තියෙන්නේ තව දවසකට විතරයි – අගමැති

මෙරට පෙට්‍රල් සංචිතය ඇත්තේ තව එක් දිනක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) ජාතිය අමතමින්...

පළමු රාජකාරිය විදියට ගිනි තිබ්බ නිවාසවලට සහන දෙනවා – ඇමති ප්‍රසන්න

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස ඇතුලු දේපළ අහිමිවූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම තමාගේ පළමු රාජකාරිය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

ජොන්ස්ටන්, දේශබන්දු, සනත් ඇතුළු 22ක් අත්ඩංගුවට ගැනීමට CIDයට නියෝග

පසුගිය 9 වැනි දා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී මහජන විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 22 නෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...