32 C
Colombo
Monday, March 17, 2025

හික්කඩුව පොලිසීයේ යකා නැටු පිරිසක් අත්අඩංගුවට

- Advertisement -

හික්කඩුව පොලිස් ස්ථානය තුළ සාමය කඩ කරමින් හැසිරීම හේතුවෙන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිගම මුහුදු තිරයේ දී බෝට්ටුවකට පහර දී අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් හික්කඩුව පොලීසියට ලද පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ඊයේ (05) අදාළ පාර්ශවයන් පොලිස් ස්ථානයට කැඳවා තිබුණා.

එහිදී දෙපර්ශයෙන් පැමිණි පිරිස් පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ මෙහිදී පිරිමි පුද්ගලයින් 19 දෙනෙක් සහ කාන්තාවක් 5දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු සතුව තිබී ත්‍රිරෝද රථයේ තිබී කඩුවක් සහ උල් පිහියක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24ත් 50ත් අතර වයස්වල පසුවන රත්ගම සහ දොඩන්දූව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සියළු දෙනා අද (06) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

මියන්මාර සයිබර් කඳවුරුවල සිරවූ තවත් ලාංකිකයින් 15 ක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි තවත් ලාංකිකයින් 15 දෙනෙකු මුදාගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඔවුන් මේ වන විට තායිලන්තය -...

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...

POPULAR ARTICLES