32 C
Colombo
Tuesday, February 18, 2025

හිරු ආයතනයට හා තිස්ස අත්තනායකට අගමැතිනියගෙන් නඩු

- Advertisement -

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ගොනු කර ඇති අපහාස නඩුවකට අදාළව පිළිතුරු ගොනු කරන ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා හා Asia Broadcasting Corporation (Pvt) Ltd ආයතනයට කොළඹ දිසා අධිකරණය අද (21) නියෝග කළා.

2024 අගෝස්තු 19 වැනිදා විත්තිකාර තිස්ස අත්තනායක මහතා මාවනැල්ලේදී පැවති සමඟි ජනබලවේග ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ප්‍රකාශ කර ඇත්තේ ” මට නුවර ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ නමක් කතා කරලා කිව්වා, අර JVP කාරයෝ ආණ්ඩුවක් ගත්තම නුවර පෙරහැර නවත්තන්න යනවයි කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න හරිනි අමරසූරිය මහත්මිය තමයි එහෙම කිව්වේ කියලා.” ලෙසයි.

මෙම ප්‍රකාශය සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පෞද්ගලික සමාගමට අයත් හිරු ටීවී ආයතනයෙහි 2024.08.19 වන දින රාත්‍රී 6.55 ප්‍රවෘත්ති විකාශයෙන් සංශෝධනය කොට විකාශයට පත්කළ බවත් මීට අමතරව එම නාලිකාවට අයත් Youtube අන්තර්ජාල වෙබ් අඩවියේ එම කතාව පළකර ඇති බවත් මීට අදාළ නඩුවෙහි සදහන් වනවා.

එමගින් හරිනි අමරසූරිය මහත්මිය සමාජය ඉදිරියේ අපහසුවටත්, අවමානයටත්, අපකීර්තියටත් පත් කිරීමේ අරමුණින් අදාළ ප්‍රකාශය චේතනාන්විතව, ද්වේශ සහගතව සිදු කර ඇති බව දක්වමින් සමඟි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට සහ හිරු මාධ්‍ය ජාලයෙන් මිලියන 100 බැගින් වෙන් වෙන්ව වන්දි ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුව කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පිළිතුරු ගොනු කිරීමට අමතර කාලයක් ඉල්ලා සිටියා.

ඒ අනුව, විත්තිකරුවන්ට 2025 ජූනි 03 වැනි දිනට පෙර පැමිණිල්ලට පිළිතුරු ගොනු කරන ලෙසට නියම කෙරුණා.

අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් නීතීඥ ශානිකා සිල්වා පෙනී සිටි අතර, තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් නීතිඥ සචින්ත රුද්‍රිගු මහතාගේ උපදෙස් මත නීතිඥ කස්සල කැමර් මහතා පෙනී සිටියා.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට

දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා...

ටිරාන්ට දී ඇති STF ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු...

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

POPULAR ARTICLES