24 C
Colombo
Thursday, March 30, 2023

‘හිරු ස්ටාර්’ නිරෝධායන නීති නොතකමින් පාර පුරා

- Advertisement -

හිරු TV නාලිකාවෙන් සංවිධානය කළ ‘හිරු Star’ රියැලටි ගායන තරඟාවලිය පසුගියදා අවසන් වුණා.

ජනතාවගේ සංවේදී අවස්ථාවක් වන අවමගුල් උත්සවයකටත්, ජීවිතයේ වැදගත්ම දිනයක් වන විවාහ උත්සවයටත් පුද්ගල සහභාගීත්වය රජය විසින් ඉතාමත් අවම කර තිබෙන අවස්ථාවක මෙම තරඟය නැරඹීම සදහා විශාල පිරිසක් සහභාගී කර තිබුණා.

එහි උච්චස්ථානය වූයේ තරඟයේ ජයග්‍රාහකයා රැගත් රිය පෙරහැරක් බෙන්තොට නගරයේ සිට ඔහුගේ ගම් ප්‍රදේශය වන අහුංගල්ලට රැගෙන යාමයි.

එම අවස්ථාවට විශාල පිරිසක් සහභාගීවී සිටි අතර මුඛ ආවරණයක් හෝ නොපැලද සිටි ජයග්‍රාහකයා මග දෙපස සිටි පිරිසට අතට අත දෙන ආකාරයද දක්නට ලැබුණා.

සාමාන්‍ය ජනතාවට ජනතාව එක්රැස්කිරීමට හෝ ආගමික කටයුත්තක් සදහා ජනතාව එක්රැස්කිරීමට අවස්ථාවක් නොලැබෙන රජයේ දැඩි තීන්දු තීරණ මෙවැනි කටයුතු සදහා බලනොපාන්නේ කෙලෙසදැයි සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ඇතැම් පාර්ශව පෙන්වා දී ඇත්තේ තමන් වසර ගණනාවක් දුක්විද ලබාගත් උපාධි සහතිකය හෝ උත්සවාකාරයෙන් ගැනීමට ඇති අවස්ථාව පාලකයන් විසින් අහිමිකර ඇති රටක ධනය බලය ඇති මාධ්‍ය ආයතනවලට මෙලෙස හැසිරීමට පොලීසිය මෙන්ම සෞඛ්‍ය අංශද ඉඩකඩ ලබාදීම පුදුම සහගත බවයි.

‘එක් රටක් එක් නීතියක්’ සංකල්පය ක්‍රියාත්මක වන්නේ පුද්ගලානුබද්ධව මිස රටක් වශයෙන් නොවන බවට මේ සම්බන්දව ඇතැම් පාර්ශව අදහස් පලකර තිබුණා.

ඊට අදාල දර්ශන පහතින්,

https://www.facebook.com/watch/?v=1513722575493388

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...