28.9 C
Colombo
Thursday, March 27, 2025

මැතිවරණ නීති උල්ලංඝනය කළ හිරුට වැඩ වරදියි

- Advertisement -

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හිරු නාළිකාව විසින් විකාශය කළ ”පත්තරේ විස්තරේ” වැඩසටහන සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ඊයේ (10) දිනයේදී විකාශය කළ ”පත්තරේ විස්තරේ” වැඩසටහනේ දී තමාට සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හට චේතනාන්විතව බරපතල ලෙස අපහාසයක් සිදුකර ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවටත් සඳහන් කරමින් මනුෂ නානායක්කාර මහතා මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා.

හිටපු අමාත්‍යවරයා විසින් පෙන්වාදී තිබෙන්නේ එම වැඩසටහන ඉදිරිපත් කිරීමේ පූරක ලෙස කටයුතු කළ මධුෂාන් ද සිල්වා යන අය ශ්‍රී ලංකා ජනරජයේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (අ) අනුව්‍යවස්ථාව යටතේ වන මාධ්‍ය උපමාන ව්‍යවස්ථාවට අනුව 2024/07/10 දිනැති සහ අංක 2392/27 දරණ ගැසට් නිවේදනය මගින් පරිච්ඡින්න කරන ලද උපලේඛණ අංක 2 යටතේ වන විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර් ජාල වෙබ්අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ්අඩවි පරිශීලකයන් සඳහා වන උපමාන ලේඛණයේ අංක 2.1, 2.2, සහ 2.3 යන වගන්ති බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බවයි.

ඒ අනුව හිරු නාළිකාව සහ පත්තරේ විස්තරේ වැඩසටහනේ පූරක මධුෂාන් ද සිල්වා මැතිවරණ කොමිෂම විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමානයන් උල්ලංඝණය කරමින් තමාට සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හට බරපතල අපහාසයක් සිදුකර ඇති බව මනුෂ නානායක්කාර මහතා පවසනවා.

එබැවින් මැතිවරණ නීතී වලට අනුව මේ පිළිබඳව කඩිනම් පියවර ගන්න ලෙස මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ල සිදු කරමින් ඉල්ලා සිටිනවා.

එමෙන්ම එම වැඩසටහන මගින් හිරු නාළිකාව සහ එහි පූරක මධුෂාන් ද සිල්වා යන අය මුලික මාධ්‍ය ආචාරධර්ම පවා බරපතල ලෙස උල්ලංඝණය කර අති බව ඔහු සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

POPULAR ARTICLES