29 C
Colombo
Wednesday, March 29, 2023

හිරුට අදාළ නැති නිරෝධායන නීති

- Advertisement -

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති නිරෝධායන නීති මේ වන විට ජනතාව අතර විහිළු සහගත තත්ත්වයට පත්ව තිබෙනවා.
මන්ද යත් පුද්ගලයන්ගේ ධනය, බලය හා තරාතිරමට සමාන්තරව අදාල නිරෝධායන නීති ඉතාමත් පහසුවෙන් වෙනස්කර ගැනීමට වත්මන් ආණ්ඩුව, සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ලබාදෙන සහයෝගය හේතුවෙනි.
කොවිඩ් 19 වෙනුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පිරිස් ඒකරාශී කර පවත්වන උත්සව, එළිමහන් හෝ ගෘහස්ථ සංගීත සංදර්ශන, ප්‍රියසම්භාෂණ සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
විවාහ උත්සව පවා පැවැත්වීමට ඉඩ ලබාදී ඇත්තේ සීමිත අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව වුවද එයද දැඩි සෞඛ්‍ය නීති රීති අනුවය.
වෙනකක් තබා පුද්ගලයෙකුගේ අවමංගල කටයුත්තක් වුවද විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට අවසරයක් හිමිවන්නේ නැත.
තත්ත්වය එසේ තිබියදී හිරු TV නාලිකාව විශාල නළු නිළියන් පිරිසකගේ සහභාගීත්වයෙන් නත්තල් වැඩසටහනක් මීගමුවේ පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක පටිගත කර තිබෙනවා.
ඒ සදහා නැටුම් කණ්ඩායම් කිහිපයක් හා සංගීත කණ්ඩායමක්ද සහභාගී වී ඇති අතර ඔවුන්ගෙන් කිසිදු පුද්ගලයෙකු මුව ආවරණයක් හෝ නොපැලද සිටීම විශේෂත්වයක්.
පුද්ගල දුරස්ථභාවය මීටරයක පරතරය තබාගෙන සිටීම සෞඛ්‍ය මාර්ගෝපදේශය වුවද මෙම උත්සවයේදී එකිනෙකා සිපවැළදගන්නා ආකාරයද දක්නට ලැබුණා.

මේ සිදුවීම සමාජ මාධ්‍ය තුළද දැඩි ලෙස විවේචනයට ලක්ව තිබූ අතර එක් එක් පුද්ගලයන් හෝ ආයතන අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස්වන්නේ දැයි විවිධ පාර්ශව ප්‍රශ්න කර තිබුණා.
දරුවෙක් සිය ජීවිත කාලයෙන් වසර විසි ගණනක් වැයකර ලබාගන්නා අග්‍රඵලය වන උපාධිය පවා ලබාගැනීම උත්සවාකාරයෙන් සිදු නොකිරීමට බලධාරීන් පසුගියදා කටයුතු යොදා තිබුණා.
ඒ අනුව කැළණිය විශ්ව විද්‍යාලය පිරිස ඒකරාශී වීමෙන් වැළැක්වීම බව පවසමින් මෙම වසරේ උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වූයේ ඔන්ලයින් ක්‍රමයටයි.
නමුත් මියගිය හිටපු අමාත්‍යවරයෙක් වන ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ මෘත දේහය රැගත් රිය පෙරහැර සමඟ මහ සෙනඟ හිතු හිතු ලෙස රට පුරා සංචාරය කළේ ආරක්ෂක අංශවලද ආශිර්වාදයෙනි.
එමෙන්ම ධම්මික බණ්ඩාර නැමැත්තා කොවිඩ් 19 වෛරසයට පැණියක් සොයාගත්තාය කියා ආණ්ඩුවෙන් ගෙන ගිය ප්‍රචාරක යාන්ත්‍රණයත් සමග ඔහුගේ නිවස ඉදිරියේ දහස් සංඛ්‍යාත සෙනඟක් රැස්ව සිටියේද ආරක්ෂක අංශවල ආශිර්වාදයෙනි.
නමුත් හුදකලා කර ඇති ප්‍රදේශවලට ඩ්‍රෝන කැමරා යවා එළිමහනේ සිටින එදා වේල කෑමට නැති පිරිස් අත්අඩංගුවට ගන්නේද මෙම ආරක්ෂක අංශමවීම පුදුම සහගතය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට අනුව මුඛ ආවරණ නොපැලදීම නිසා අත්අඩංගුවට පත්වූ පිරිස මේ වන විට දහස ඉක්මවා ඇත.
නමුත් මෙම ආයතන මුඛ ආවරණයක් හෝ නොපැලදි නළු නිළියන් ගෙන්වා ඔවුන් එකිනෙකා අත් අල්ලාගෙන නටවා සාජ්ජ දැමූවද එම ස්ථානවලට ඩ්‍රෝන යාත්‍රාවක් තබා පොලිස් කොස්තාපල්වරයෙකු හෝ යැවීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට නොහැකිය.
ඒ අනුව මේ වන විට විකාර ස්වරූපයක් ගෙන ඇති නිරෝධායන නීති ජනතාව තවදුරටත් සැළකිල්ලට නොගතහොත් එහි සම්පූර්ණ වගකීමද ගතයුත්තේ ආණ්ඩුව, සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ මිස ජනතාව නොවන බව වගකිවයුත්තෝ දැඩිව සිතෙහි තබාගත යුතුය.

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...