33 C
Colombo
Friday, March 29, 2024

හිරුණිකාගෙන් මධුරට අභියෝගයක්..!

- Advertisement -

තමා සිය නිවසේ රැඳී සිටින බවත් හැකිනම් සිය නිවස අසලට පැමිණෙන ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාට අභියෝග කර සිටිනවා.

ඒ අද දින ඇතුළුකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්‍යාලයට එල්ල වූ කුණු බිත්තර ප්‍රහාරයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මධුර විතානගේ මහතා ඇතුළු 100ක පමණ පිරිසක් පැමිණ ඇත්තේ තමා ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට සිදුකළ විරෝධතාවයට එරෙහිව විරෝධය පෑමට බවත් ආරක්ෂක නිලධාරීන්වත් නොමැති තමාගේ නිවසට පැමිණියහොත් මධුර විතානගේ මහතාට සාකච්ඡා කළ යුතු දේ සාකච්ඡා කළ හැකි බවත් ඇය පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,

“දැන් දවසින් දවස අමාත්‍යවරුනුත් මාරු කරන එකේ මධුර විතානගේ මහතාට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා ඊළඟ ඇමති ධූරයකට හොඳ අවස්ථාවක් හදා ගන්න. එතුමා ඉස්සර කෝට්ටේ නගර සභාව නියෝජනය කරද්දි ජනතාව හිතුවේ උගත් බුද්ධුමත් මහත්මයෙක් කියලා. වියත් මගෙන් තමයි එතුමා ආවේ. ඒ වගේ චරිතකෙන් මේවා බලාපොරොත්තු උනේ.

මධුර අයියේ, ඔයා දුමින්ද සිල්වා නෙවෙයි, රෝහිත අබේගුණවර්ධන නෙවෙයි. තිස්ස කුට්ටිලා වගේ විහිලුවට ලක්වෙන බත් බැලයෙක් වෙන්න එපා ඔයා ලෝයර් කෙනෙක්. අපි හොඳ යාලුවෝ. ඔයා කරපු දේ ඔයාට සුදුසු දෙයක් නෙවෙයි. ඔයාට මාත් එක්ක මූණට මූණ මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඔය තත්ත්වෙට වැටෙන්න එපා.”

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...