30.6 C
Colombo
Thursday, April 25, 2024

හිරුණිකා රනිල්ගේ නිවස වටලයි (වීඩියෝ)

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි වනිතා බලවේගයේ කණ්ඩායමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 5 වන පටුමගේ පිහිටි නිවස ඉදිරියේ විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.

කෙසේවෙතත් එය අත්හිටුවන ලෙස ඉල්ලා පොලීසිය අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලා සිටියද අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබුණා.

ඒ අනුව කිසිදු නීතිමය බාධාවක් නොමැති තත්ත්වයක් තුළ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විරෝධතාවය ඔහුගේ නිවස ඉදිරියේදී පැවැත්වෙනවා.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ පාර්ලිමේන්තුවට සහභාගීවීමට නියමිතයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රමුඛ සමගි වනිතා බලවේගයේ කණ්ඩායමක් මීට පෙර මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.

ඉන් අනතුරුව බොහෝ පිරිස් විවිධ අවස්ථාවන්හී එම ස්ථානයට පැමිණ ජනාධිපතිවරයාට සිය විරෝධය දැක්වූවා.


RECENT ARTICLES - SINHALA

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බලන්න අලුත් කෙනෙක්

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ...

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා – රනිල්

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන- ශ්‍රී...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...