32 C
Colombo
Friday, March 29, 2024

හිරුණිකාගේ පියයුරු ගැන කතා කරන අයට හිරුණිකාගෙන් සැර පිළිතුරක්

- Advertisement -

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොළඹ 5 වන පටුමගේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී ඊයේ (22) පැවති විරෝධතාවයකදී ලබාගත් ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා.

එම විරෝධතාවයේදී පොලීසිය අතර ගැටෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පියයුරු නිරාවරණය වී පෙනෙන අවස්ථාවක ඡායාරූප යොදාගනිමින් විවිධ අසභ්‍ය දෑ නිර්මාණය කෙරෙමින් ඇයව සමාජ මාධ්‍ය තුළ දැඩි අපහාසයට ලක්කර තිබෙනවා.

මෙම ඡායාරූප කිහිපය අන්තර්ජාලය තුළ ප්‍රචාරය කිරීමට එක්තරා මාධ්‍ය නාලිකාවක ප්‍රධානියෙක් දැඩි කැපවීමෙන් කටයුතු කර ඇති බවට News19 වෙත වාර්තා වුණා.

මේ පිළිබදව සිය ෆේස්බුක් පිටුවේ අදහස් දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම ඡායාරූපය හුවමාරු කරගනිමින් මේ වන විට එය උණුසුම් මාතෘකාවක් කරගෙන තිබෙන සියලු දෙනාට අපූරු පිළිතුරක් ලබාදී තිබෙනවා.

එම පිළිතුර පහතින්,

” මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරිදුන්නෙමි. මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි.
(පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පියයුරු වලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි මට නිසැකය.
ඔබ මාගේ පියයුරු ගැන කතා කොට, ඒවාට විසුළු කර, සිනා සී, මීම්ස් සදා අවසන් වූ විටෙක ඔබේ දැනගැනීමට ලියාතබමි.
තවත් සිවිල් වැසියෙක් පෝලිමකදී මියගොස් තිබේ. “


RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...