27.2 C
Colombo
Saturday, June 21, 2025

හිරුණිකාගේ පාර්ලිමේන්තු සිහිනය බොදෙවෙයි

- Advertisement -

හරීන් ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩු වූ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා නව පත්වීම ජනාධිපතිවරණයට පසුව නම් කරන බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසු බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.

මන්ත්‍රීවරයාගෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධූරය සඳහා පත් කරන්නේ කවුදැයි යන්න සම්බන්ධයෙන් පක්ෂය තුළ තවමත් සාකච්ඡා කරමින් පවතින බව මහ ලේකම්වරයා පවසා තිබුණා.

සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසි හරීන් ප්‍රනාන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා (09) නඩු තීන්දුව ලබා දුන්නා.

මේ හේතුවෙන් හරින් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වුණා.

කෙසේ වෙතත්, සමගි ජන බලවේගයෙන් හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවට එන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නමක් මෙතෙක් මැතිවරණ කොමිසම වෙත ලබා දී නැහැ.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES