30.3 C
Colombo
Thursday, April 25, 2024

හිස්බුල්ලා සම්බන්ධ බැංකු ගිණුම් 2 කට කෝටි 400 ක් පිටරටින් ලැබිලා

- Advertisement -
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාද සම්බන්ධ බැංකු ගිණුම් දෙකකට වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 4,000 කට ආසන්න මුදලක් පිට රටවලින් ලැබී තිබෙන බවට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි ඉදිරිපත් විය.

මෙසේ තොරතුරු ඉදිරිපත් වූයේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ හිටපු කළමනාකාරිණී අයි.සී.කේ. කන්නන්ගර මහත්මිය  කොමිසම හමුවේ දුන් සාක්‍ෂි අනුවය.

ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ මෙම ගිණුම් දෙක ආරම්භ කර ඇති බවද එයින් එක් ගිණුමක් ශ්‍රී ලංකා හිරා පදනම නමින්ද අනෙක් ගිණුම බැටික්ලෝ යුනිවර්සිටි කොලේජ් යන නමින්ද ආරම්භ කර ඇති බවද ඒ ගිණුම් දෙකෙහිම බලයලත් පුද්ගලයන්ගේ නම් අතර හිස්බුල්ලා මහතාගේ නම පවතින බවද එම සාක්ෂි වලින් කියැවිණි.

ශ්‍රී ලංකා හිරා පදනම අවස්ථා 15කදී රුපියල් මිලියන 313.1ක් පමණ පිටරටවලින් ලැබී ඇති අතර ඒවා ලබාදී තිබෙන්නේ සවුදි අරාබියේ අලි අබ්දුල්ලා අල් ජුෆාලි භාරයෙන්, මහා බ්‍රිතාන්‍යයේ සිද්ධික් සහ ඩයනා ඔස්මන්ඩ් යන අයගෙන් සහ ක්‍රිඩෙන්ෂල් ලිමිටඩ් යන ආයතනවලින් බවද සාක්ෂි ඉදිරිපත් විය.

බැටික්ලෝ යුනිවර්සිටි කොලේජ් පුද්ගලික සමාගම නමින් ආරම්භ කළ ගිණුමට 2016 සහ 2017 අතර කාලය තුළ අවස්ථා හයකදී සවුදි අරාබියේ අල් අබ්දුල්ලා අලි ජුෆාලි භාරයෙන් රුපියල් මිලියන 3,640ක් පමණ බැර වී තිබෙන බවටද සාක්ෂි ඉදිරිපත් විය.


පිට රටකින් මෙරට බැංකු ගිණුමකට රුපියල් මිලියනයකට වැඩි මුදලක් බැර වන්නේ නම් හෝ එම ගිණුම්වලින් එකවර රුපියල් මිලියනයකට වැඩි මුදලක් ලබාගන්නේ නම් හෝ ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත් කළ යුතු බවට වන රෙගුලාසියක් තිබියදීත් එම පියවර ගැනීමට ලංකා බැංකුව කටයුතු කර නැති බවද කළමනාකාරවරිය මෙහිදී සාක්ෂි දෙමින් පැවසුවාය.

 ‘‘අපේ බැංකුවෙන් ඒ ගැන ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පවතින අනුකූලතා අංශයට දැනුම් දුන්නා. ඒ වගේම ඔවුන්ටත් එම ගිණුමෙන් ගනුදෙනු වන ආකාරය ගැන කෙටි පණිවුඩ ලැබෙනවා. එහෙත් ඔවුන් තීරණය කර තිබුණා එම ගිණුම්වලින් සිදුවන ගනුදෙනුවල සැකකටයුතු යමක් නැති බව”යැයිද හිටපු කළමනාකාරිණී කන්නන්ගර මහත්මිය පැවසුවාය.

හිස්බුල්ලා මහතාට අයත් ශ්‍රී ලංකා හිරා පදනම සහ බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගමට අයත් බැංකු ගිණුම් පහක් පමණ අදාළ බැංකු ශාඛාවේ ක්‍රියාත්මක වී තිබෙන බවද සාක්ෂිකාරිය කොමිසම හමුවේ පැවසුවාය.

ශ්‍රී ලංකා හිරා පදනම නම් සංවිධානයට අයත් බැංකු ගිණුමේ ගනුදෙනු මෙහෙයවීම සඳහා බලයලත් පුද්ගලයින් ලෙස හිස්බුල්ලා, අබ්දුල් කාදර් මොහොමඩ් සම්සුදීන් සහ අහමඩ් ෆලීල් මොහොමඩ් යන අය නම් කර තිබූ බව ඇය සඳහන් කළාය.

මේ අතර එම බැංකු ගිණුම විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකා හිරා පදනම සමාජ සේවා සංවිධානයක් ලෙස ලියාපදිංචි කළ සහතිකයක් ඉදිරිපත් කර තිබේ ද යන්න රජයේ නීතිඥවරිය සාක්ෂිකාරියගෙන් විමසූ අවස්ථාවේ ඇය සඳහන් කළේ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ අදාළ සංවිධානය  ලියාපදිංචි කරන ලද සහතිකයක් ඉදිරිපත් කර ඇති බවය.

 එය ඉදිරිපත් කර තිබෙන්නේ බැංකු ගිණුම විවෘත කර මාසයක් වැනි කාලයකට පසුව බව කොමිසම විමසූ අවස්ථාවේ සාක්ෂිකාරිය පැවසූයේ  ශ්‍රී ලංකා හිරා පදනම ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ ලියකියවිලි ඉදිරිපත් කළ නිසා එම ගිණුම විවෘත කරන්නට ඇති බවයි. එම ගිණුම 1993දී විවෘත කර ඇති අතර එකල තමන් එම ශාඛාවේ සේවය නොකළ බවද ඇය කීවාය.

සවුදි අරාබියෙන් ලැබුණු මුදල් අමෙරිකා එක්සත් ජනපදයේ බැංකුවක් හරහාත්, සිද්ධික් සහ ඩයනා ඔස්මන්ඩ් යන අයගෙන් ලැබුණු මුදල් මෙරට ද ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක් හරහාත්, ක්‍රිඩෙන්ෂල් ලිමිටඩ් යන ආයතනයෙන් ලැබුණු මුදල් මහා බ්‍රිතාන්‍යයේ බැංකුවක් හරහාත් එම ගිණුමට බැර වී තිබෙන බවද හිටපු කළමනාකාරිණී කන්නන්ගර මහත්මිය පැවසුවාය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව එම ගිණුම හරහා සිදු වී ඇති ගනුදෙනු පිළිබඳව මහ බැංකුව දැනුවත් කිරීමට පියවර ගත් බවද ඇය සඳහන් කළාය.

අදාළ මුදල් ලැබී ඇත්තේ ණය මුදලක් ලෙස  යැයි දැක්වෙන යම් ලේඛනයක් තිබේ දැයි කොමිසම විමසා සිටි අවස්ථාවේ ඇය සඳහන් කළේ එවැනි ලේඛනයක් නොමැති බවය.

බැටික්ලෝ යුනිවර්සිටි කොලේජ් පෞද්ගලික සමාගම නමින් 2016 වසරේ ජනවාරි 14 දින තවත් ගිණුමක් විවෘත කර ඇති බවද එම ගිණුමේ ගනුදෙනු මෙහෙයවීම සඳහා බලයලත් පුද්ගලයින් ලෙස හිස්බුල්ලා මහතා සහ අහමඩ් ශිරාස් හිස්බුල්ලා යන අය නම් කර තිබූ බවද ඇය කීවාය.

‘‘මෙම ගිණුම විවෘත කළේ බැටික්ලෝ කැම්පස් නම් විශ්වවිද්‍යාලය ඉදිකරන්න. ඒ අනුව අපිට දැනගන්නට ලැබුණා මඩකලපුව ප්‍රදේශයේ අදාළ ඉඩම අත්පත් කරගෙන විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා කියලා. එම නිසා අදාළ මුදල් ඒ සඳහා යොදවනවා ඇති කියලා අපි නිගමනය කළා. ඒ නිසා එම ගිණුම සැකකටයුතු ගිණුමක් නොවන බවට තීරණය කළා.

එහෙත් එම තීරණය සම්බන්ධයෙන් යම්කිසි ලේඛනයක් ඉදිරිපත් කිරීමට නොහැකි බව කොමිසම කළ විමසිමේදී සාක්ෂිකාරිය පැවසුවාය.

ලංකාදීප වෙබ් අඩවියේ පළවු ප්‍රවෘත්තියකි.- මුදිතා දයානන්ද

RECENT ARTICLES - SINHALA

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් සියදිවි හානි කර ගනී

කුරුණෑගල - මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල - මරලුවාව ප්‍රදේශයේ පදිංචි...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...

සජිත් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාරතමේන්තුවේ ප්‍රධානීන් පිරිසක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමග ජන සන්ධානයේ නියෝජිතයන් අතර, හමුවක් අද (25) පස්වරුවේ විපක්ෂ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...