25 C
Colombo
Saturday, January 18, 2025

මත්පැන්හල් නිසා හෝමාගම අභිමානය නැතිවෙලා-වජිර බුද්ධි නාහිමියන්

- Advertisement -

මත්පැන්හල් සහ මස්කඩ නැතිව හෝමාගම නගරය මේ දක්වා අභිමානයෙන් පැවැති නමුත් මත්පැන් අලෙවිහලක් ආරම්භ කිරීමත් සමඟ එම අභිමානය අහිමි වී ගොස් තිබෙන බව හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මාදෝවිට වජිර බුද්ධි නාහිමියන් පවසනවා.

වජිර බුද්ධි හිමියන් පවසන්නේ මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහා සංඝරත්නය දැඩි විරෝධයක් පළ කරන බවයි.

මෙලෙස හෝමාගම නගරයට ආසන්නයේ විදේශීය මත්පැන් හලක් ආරම්භ කිරීම අපරාධවලට අත වැනීමක් බව උන් වහන්සේ සඳහන් කරනවා.

අනාගත දරු පරපුර පිළිබඳ මීට වඩා සිතා බැලිය යුතු බව පෙන්වාදෙන වජිර බුද්ධි නාහිමියන් ඒ සම්බන්ධයෙන් සෑම පාර්ශ්වයක්ම කටයුතු කළ යුතු බවත් පවසා සිටිනවා.

සුපිරි වෙළෙඳසල්වල මත්පැන් අලෙවිය ආරම්භ කිරීමත් සමඟ නගරය පුරා මත්පැන් අලෙවිසැල් ආරම්භ කර තිබෙන බව උන්වහන්සේ පැවසුවා.

හෝමාගම නගරයට දෛනිකව විශාල පිරිසක් සිය අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් පැමිණෙන බව පෙන්වා දෙන උන් වහන්සේ එය බෞද්ධ පුරවරයක් බවත් ඇතැමුන් වාසි අපේක්ෂාවෙන් අත්තනෝමතික ලෙස මත්පැන් අලෙවිසැල් සඳහා බලපත්‍ර නිකුත් කර තිබෙන බව සඳහන් කළා.

මෙවැනි මත්පැනි අලෙවිසල් ආරම්භ කිරීමට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්‍රමුඛව විරෝධතා පැවැත්වූ නමුත් සාමය කඩ කිරීමට නොහැකි නිසා මේ පිළිබඳ වගකිව යුතු නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ද වජිර බුද්ධි නාහිමියන් වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...