25 C
Colombo
Saturday, May 24, 2025

ගම්පහ කොවිඩ් රෝගින්ට නිවසේදීම ප්‍රතිකාර

- Advertisement -

කොරෝනා ආසාදිතයින්ට නිවසේදීම ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක් ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරනවා.

කෙසේ නමුත් මෙසේ නිවෙස් ප්‍රතිකාර සඳහා අවසර ලැබෙන්නේ වෛරසය ආසාදිත බවට තහවුරු වුවත් රෝග ලක්ෂණ නොපෙන්වන සහ නිදන්ගත රෝගවලින් නොපෙලෙන රෝගීන් පමණක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ.

සියලුම ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම වෙනුවට, අවශ්‍ය වූවහොත් පමණක් ඔවුන්ව රෝහල්ගත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදුන් උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කොට ඇති බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසන්නේ.

ඒ අනුව, රෝග ලක්ෂණ නොපෙන්වන අවුරුදු 5 ත් 60 ත් අතර වයසේ පසුවන කොරෝනා ආසාදිතයින් හට නිවැසියන්ගේ කැමැත්ත මත නිවෙස් ප්‍රතිකාර ලබාගත හැකිවනවා.

මොවුන් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් දුරකථනයෙන් විමසා බලනු ඇති බවත් හදිසි රෝග තත්ත්වයකදී ක්ෂණිකව කොවිඩ් ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමට දුරකථන අංකයල් ලබාදෙනු ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

මාලිනිය වෙනුවෙන් ජනපති තැබූ සටහන

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්...

ලබන අවුරුද්දේ මැයි 24 වෙනකොට මේ ආණ්ඩුව ඉවරයි – නලින් බණ්ඩාර

ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. අද (24) කොළඹදී...

POPULAR ARTICLES