ශ්‍රී ලංකාව තුළ සමලිංගික, ද්වීලිංගික හා සංක්‍රාන්ති ලිංගික (LGBTQ+) අනන්‍යතා දරන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව පිළිගෙන නොමැතිබව රජය තහවුරු කර සිටිනවා.
එම අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින නමුත් ව්‍යවස්ථානුකූලව එය පිළිගෙ නැති බවයි කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ.
කෙසේ වෙතත්, කිසියම් LGBTQ+ ක්‍රියාකාරකමකට එරෙහිව පොලිසිය ක්‍රියා කරන්නේ දැයි තමා නොදන්නා බවයි ඔහු පවසන්නේ.
විවිධ පාර්ශව වලින් විවිධ කරුණු ඉදිරිපත් කර ඇති අතර LGBTQ+ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් බැහැර කර නොමැති නමුත් ඒවා පිළිගෙනද නොමැති බවයි ඔහු පවසන්නේ.
පොලිස් පුහුණු සැසියකදී යම් උපදේශිකාවක් විසින් සමලිංගියන් සම්බන්ධයෙන් ද්වේෂ සහගතව ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය විමසීමේදී අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියා.
අදාල සිද්ධිය පිළිබඳව තමා නොදන්නා බවත් ඒ ගැන අදහස් දැක්වීමට නොහැකි බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ.
කෙසේ නමුත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 01 වන දින ‘වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනයට’ (Zero Discrimination Day) සමගාමීව පුද්ගලයකුගේ ලිංගිකත්වය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත වෙනස්කොට සැලකීම් වලට ලක්නොවී සිටීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කර සිටියා.