28.3 C
Colombo
Saturday, April 20, 2024

හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරන බවට චීනයට යළි චෝදනා

- Advertisement -

හොංකොංහි ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාව වෙනස් කරන බවට චීනයට යළිත් වතාවක් චෝදනා එල්ල වී තිබේ.

මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ ටියෙන්මාන් චතුරස්‍රයේ 1989 දී සිදුවූ මහා ඝාතනයේදී විපතට පත්වූවන් සැමරීම සදහා ඉදිකර ඇති කෞතුකාගාරයට කඩා වැද එහි කටයුතු අවුල් කිරීමට හොංකොං බලධාරීන් කටයුතු කිරීමත් සමගයි.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉල්ලා චීනයේ ටියන්මාන් චත්‍රරස්‍රයේ විරෝධතාවයක යෙදී සිටි පිරිස 1989 අප්‍රේල් මාසයේදී දරුණු මර්දනයකට ලක් කළ අතර එහිදී සිය ගණනක් ඝාතනයට ලක්වූහ.

එය සැමරීම සදහා හොංකොංහි ඉදිකර ඇති කෞතුකාගාරයට කඩා වැදී එය පරීක්ෂා කළ හොංකොං බලධාරීහු එය වසා දැමීමට ද කටයුතු කළහ.

හොංකොං බලධාරීන් මෙම ක්‍රියාවන් සිදුකරන්නේ චීනයේ අවශ්‍යතා මත බවත් මේ වනවිට හොං⁣කොංහි ක්‍රියාත්මක ආරක්ෂක නීතිය හරහා විරුද්ධ මත දරන්නන් දරුණු මර්දනයකට ගොදුරු කරගන්නා බවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීහු වැඩිදුරටත් චෝදනා නගති.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...