28.5 C
Colombo
Wednesday, April 24, 2024

ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන හූල්ගෙන් හෙළිදරව්වක්..!

- Advertisement -

පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අදාළ සහතික‍යන් කිසිදු අවස්ථාවක මැතිවරණ කොමිසමට ඉදිරිපත් නොකළ බව මැතිවරණ කොමිසමේ එවක සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පවසනවා.

ඔහු ඊයේ (21) මේ බව දිවුරුම් පෙත්සමකින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණේ නාගානන්ද කොඩිතුවක්කු ගොනු කළ පෙත්සමකට අදාළව වගඋත්තර දක්වමින්.

පසුගිය ජනාධිපතිවරණයේදී එවක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ක්‍රියා කළ ආකාරයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකිවූ බව පවසමින් නාගානන්ද කොඩිතුවක්කු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මැන්ඩාමුස් ආඥාවක් ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබිණ.

මේ පෙත්සමට ලබන 30 වනදා නැවත කැඳවීමට නියමිතයි.

පෙත්සමට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම්කර ඇති මහාචාර්ය රත්නජීවන් හූල් මහතා දෙවන වරටත් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් පෙන්වාදී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ නීතිය හා ව්‍යවස්ථාව අනුව ඕනෑම අපේක්ෂකයෙක් තමන් එලෙස තරඟ කිරීමට නුසුදුස්සෙකු නොවන බවට වූ ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට ජනාධිපතිවරණ සමයේදී පාර්ශ්ව රැසක් තර්ක ඉදිරිපත් කළ නමුත්, ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් කිසිදු අපේක්ෂකයෙකු, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විරෝධතා ගොනුකර නොතිබිණි.


RECENT ARTICLES - SINHALA

නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දිලා

එන්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු...

හිඟුරක්ගොඩ පුද්ගල ඝාතනයක්

හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී ධීවරයන් පිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග ගොස් සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවූ එම...

බස්නාහිර ත්‍රීරෝද රථ නියාමනයට ජූනි 30 දක්වා කල්දෙයි

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වනදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා. ත්‍රීරෝද...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...