මොරටුව පොලීසිය ඉදිරිපිට ඊයේ (19) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා.
ගම්වාසීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බව පවසමින් 100කට අධික පිරිසක් මොරටුව පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වි තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලීසිය පවසා සිටියේ මොරටුව ප්‍රදේශයේ දේවස්ථානයක් ඉදිරිපිට නිර්මාණය කරමින් තිබූ තොරණක් හේතුවෙන් එහි සිටි පිරිසක් මාර්ගයට අවහිරවන ලෙස රැඳී සිටි බවත් ඔවුන්ව ඉන් ඉවත්කිරීමට රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් කටයුතු කිරීමේදී පිරිසක් ඊට බාධා කළ බවත් ය.
එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පහරකෑමකට ලක්ව ඇති අතර, එම නිලධාරීන් මේ වනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
එම පහරදීම හා ඇති වූ තත්ත්වය මත රාජකාරියට බාධා කළ බව පවසමින් මොරටුව පොලීසිය විසින් පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ නමුත් එම අත්අඩංගුවට ගැනීමට විරෝධය පලකරමින් ප්‍රදේශවාසින් මෙලෙස මොරටුව පොලීසිය අසලට පැමිණ තිබෙන බවයි පැවසෙන්නේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පියතුමන්ලා කිහිප දෙනෙකුද පැමිණ තිබුණා.
ඒ අතර කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ද වනවා.