32 C
Colombo
Tuesday, February 18, 2025

නිවාස සංවර්ධන අධිකාරිය දූෂිතයි; සේවකයන් 4 වෙද්දි ගෙදර දුවනවා – දුමින්ද සිල්වා

- Advertisement -

තමන් නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වේදැයි නොදන්නා බව හිිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා මහතා පවසනවා.

තමාව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිධුරයට පත්කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවයි ඔහු පවසන්නේ

ඒ, කොළඹදි පැවැති උත්සවයක් අමතමින්.

තමා සභාපතිත්වය දරන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දූෂිත ආයතනයක් බව එහිදී ඔහු සඳහන් කර සිටියා.

එහි සේවකයන් හවස හතර වනවිට බස් රථයක් අල්ලා ගැනීමට දුවන බවත් ඔහු පවසනවා.

“අඩු ආදායම් ලාභී අහිංසක, දුප්පත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් ආයතනයක් තමයි නිවාස සංවර්ධන අධිකාරිය. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වැඩ කරපු මනුස්සයෙක් වශයෙන් මට තේරෙනවා මේ ජනතාවගේ දුක කොහොමද කියලා.

ඒ නිසා තමයි අග්‍රාමාත්‍යතුමා මට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිධුරය ලබා දුන්නේ. අනාගතයේදි අපි නිවාස 70000ක් හදන්න සැලසුම් කරලා තියෙනවා. අපිට අවශ්‍ය මිනිස්සුන්ට වැඩ කරන්න.

එහෙම අයට තමයි මිනිස්සු ආදරය කරන්නේ. මම දන්න් නෑ මම දේශපාලනයට එයිද නැත්ද කියලා. අපි කැපවෙලා වැඩ කරන නිසා තමයි අපිට යම්කිසි දෙයක් භාර දෙන්නේ.

මිනිහෙක් සංතෝෂ වෙනවනම් සල්ලි නැත්නම් මම සල්ලි දීලා ගේ අරන් දෙනවා. ඒ මම අපිට අවශ්‍ය උවමනාව මිසක් මනුස්සයෙක්ගෙන් ගරා ගැනීම නෙමෙයි.

අද නිවාස සංවර්ධන අධිකාරිය ඉතාම දූෂිතයි. මම උදේ අට හමාරට ආවම රෑ නමයයි, දහයයි ගෙදර යද්දී. අපේ ඔෆිස් එකේ හතර වෙනකොට කට්ටිය යනවා.

ඉතින් මටම පුදුමයි ඇයි කියලා. මොකද මට ඒක පුරුදු නෑ. ඇවිල්ලා කෑම කන්න පැයයි. නිකම්ම ඉන්නවා. හතර වෙනකොට බස් එකට දුවන්න ඕන. එහෙම බෑ. කැපවෙලා වැඩ කරන්න ඕන. රටක් දියුනු වෙන්න නිලධාරින් කැපවෙලා ඉන්න ඕන.”

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

POPULAR ARTICLES