29 C
Colombo
Wednesday, July 17, 2024

තාඔුගල වින්දිතයෙක් වෙන්නෙ කොහොමද – මහේස්ත්‍රාත්

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා විසින් ව්‍යාපාරික විරංජිත් තාඹුගලගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ලබාගත් බව පැවසෙන සිදුවිම සත්‍යයක් නම් එය බරපතළ කරුණක් බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ නිලධාරීන්ට එරෙහිව බරපතල නීතිමය පියවර ගත යුතු බවත් නීතිපතිවරයා අද (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවසා තිබුණා.

ඒ තමාට එල්ල වී ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන යටතේ නිසි ආරක්‍ෂාව ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තාඹුගල විසින් ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පුද්ගලයෙකුගෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාර තාඹුගලට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙන බව සඳහන් කළා.

විරංජිත් තාඹුගල නමැති මෙම සැකකරුගේ බැංකු ගිණුම් වලට 2018 වසරේ සිට 2022 වසර දක්වා ඇමෙරිකාවේ සිට ඩොලර් 26,429,490 ක මුදලක් ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් දිලීප පීරිස් මහතා පැවසුවා.

මේ අතරතුර සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දින තුනක් රහසිගත ආකාරයෙන් ප්‍රකාශ ලබාදී තිබූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිහිපත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂවරයා තමන්ගෙන් රුපියල් කෝටි 30 ක කප්පමක් ඉල්ලා එය කෝටි 5 කට අඩු කොට ඉන් කෝටි 2 ක් ලබාගෙන තිබෙන බවට මෙම සැකකරු විසින් ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රජයේ නිලධාරින් මේ ආකාරයෙන් කප්පම් ලබාගෙන තිබේ නම් එය බරපතල තත්ත්වයක් බව සඳහන් කළා.

එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙවැනි නීති විරෝධී කටයුත්තක් සිදුවී තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් සැකකරු විසින් අල්ලස් කොමිසමට හෝ සුදුසු ආයතනයකට පැමිණිලි කිරීමට හැකියාවක් තිබෙන බවත් පැවසුවා.

සැකකරු එසේ ක්‍රියා නොකොට තමන්ට එරෙහිව සිදුකරන වත්කම් පිළිබඳ පරීක්ෂණය මගහැර යාම සඳහා විවිධ ප්‍රකාශ සිදුකිරීමට මෙම නඩුව හරහා අධිකරණය වේදිකාවක් කර ගැනීමට ඉඩදිය නොහැකි බවත් මෙම සැකකරු විමර්ශනවලට නිසියාකාරව සහයෝගය ලබාදී නොමැති බවත් ඔහු විසින් චෝදනා කරනු ලැබුවා.

සැකකරුට එරෙහිව විවිධ අධිකරණවල නඩු පහක් පමණ පැවැති බවත් ඔහු තම අපරාධ වසන් කර ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකු උපාය දූතයෙකු ලෙස යොදාගෙන ඇති බවට තොරතුරු හෙළිවී තිබෙන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එය බරපතල තත්ත්වයක් බව පෙන්වා දුන්නා.

ඒ අනුව වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම සැකකරු ඉල්ලා සිටින සහනය ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරුව සැකකාර තාඹුගල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා විමර්ශන කටයුතුවලට සහාය නොදක්වන බවට එල්ල කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව පැවසුවා.

නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා තම සේවා දායකයාගෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධියට අදාල සියලු හඬපට සහ වීඩියෝ පට සිය සේවා දායකයා සතුව තිබෙන බව නීතිඥවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

මුල් අවස්ථාවේදී තම සේවාදායකයා නීති විරෝධී වක්කම් විමර්ශන අංශයට ගොස් ප්‍රකාශ ලබාදීමට සූදානම් වුවද ඔහුගෙන් නිසියාකාරව ප්‍රකාශ ලබා නොගත් බව ඔහු පැවසුවා.

තමා සේවාදායකයාගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා රුපියල් කෝටි දෙකක මුදලක් ලබාගත් සිද්ධිය සම්බන්ධයෙන් වෙනම පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම අල්ලස් කොමිසමේ ද සිටින්නේ එම නිලධාරීන්ගේ සමකාලීනයින් බවත් එම නිසා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීම ගැටලු සහගත බව නීතීඥවරයා කියා සිටියා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයාද තම සේවා දායකයා සමග අමනාප තත්ත්වයකින් පසුවන බව පෙන්වා දුන් නීතිඥවරයා අමාත්‍යවරයා කළ ඇතැම් ප්‍රකාශ වලින් ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වී තිබෙන බවත් පවසා තිබුණා.

එබැවින් වින්ඳිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ විධි විධානය යටතේ තම සේවාදායකයාට ආරක්ෂාව ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බව විත්තියේ නීතිඥවරයා සඳහන් කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ ප්‍රකාශ කළේ සැකකාර විරංජිත් තාඹුගල මෙම නඩුවේ වින්දිතයකු වශයෙන් හඳුනාගත නොහැකි බවයි.

ඒ අනුව සැකකරු විසින් කරනු ලැබූ ඉල්ලීමට අදාළව නියෝගයක් නිකුත් කළ නොහැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුට තිබෙන තර්ජන සම්බන්ධයෙන් සුදුසු ආයතන වෙත පැමිණිලි කිරීමට හැකියාවක් තිබෙන බවත් සඳහන් කළා.

පුද්ගලයෙකු රවටා රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපාරික විරංජිත් තාඹුගල ඉකුත්දා අත්අඩංගුවට ගෙන ලැබූ අතර පසුව ඔහු ඇපමත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණා.

තමන් සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව විරංජිත් තාඹුගල නොකඩවා දින තුනක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශ ලබා දී තිබුණා.


RECENT ARTICLES - SINHALA

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය ගැන පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම...

පාස්පෝට් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා...

ප්‍රතික්‍රීයක හිඟයෙන් වෛද්‍ය පරීක්ෂණ රැසක් නැවතිලා

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් රෝගීන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ රැසක් දීර්ඝ කාලීනව නවතා දමා ඇති බව සෞඛ්‍ය...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...