29 C
Colombo
Wednesday, July 17, 2024

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා.

මේ අතර රට මේ වන විට යම් ස්ථාවරයකට පැමිණ තිබෙන බවත් එය පවත්වාගෙන යාමේ අභියෝගය රජයට තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

එමෙන්ම කිසිලෙසකින්වත් මැතිවරණ කල්දැමීමට එකඟ නැති අතර දිනුවත් පැරදුණත් නිසි වේලාවට මැතිවරණ පැවැත්විය යුතු බවද ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණය එය බවද අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වැදගත් වන්නේ එම ණය යොදාගෙන දේශීය වශයෙන් ආදායම් උත්පාදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම බව ඔහු කියාසිටියා.

”IMF ණය ගැන නම් සතුටු වෙන්න පුළුවන් කමක් නම් නැහැ.ඒත් ණය. මේ ණය අපි අරන් දැන් බලන්න ඕනේ මේ ණය යොදාගෙන කොහොමද දේශීය වශයෙන් ආදායම උත්පාදනය කරන්නේ කියන එකට ලෑස්ති වෙන්න ඕනේ. අන්න ඒ විදිහට කරගන්න පුළුවන් නම් නැගිටින්න පුළුවන් කමක් ලැබෙයි. ඒකට රජය හැටියට ප්‍රතිපත්තිමය වශයෙන් කල්පනා කරන්න වෙනවා කොහොමද සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරන්නේ.කොහොමද අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කරන්නේ. ඒවගේම නව රැකියා ගැන බලන්න වෙනවා. කෘෂිකර්මාන්තය ගැන අවධානයක් යොමුකරන්න වෙනවා. මේ කරණා ටිකට හරියට උත්තර දෙන්න පුළුවන් වුණොත් රටක් විදිහට අපිට නැගිටින්න පුළුවන් වෙයි කියල විශ්වාසයි.”

RECENT ARTICLES - SINHALA

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය ගැන පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම...

පාස්පෝට් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා...

ප්‍රතික්‍රීයක හිඟයෙන් වෛද්‍ය පරීක්ෂණ රැසක් නැවතිලා

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් රෝගීන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ රැසක් දීර්ඝ කාලීනව නවතා දමා ඇති බව සෞඛ්‍ය...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...