24 C
Colombo
Sunday, February 16, 2025

සුදාට ආරක්ෂාව ලැබුණේ කොහොමද?

- Advertisement -

තමාට ලබා දී ඇත්තේ නීත්‍යානුකූල ආරක්ෂාවක් බවත් එය තමාට ඇති තර්ජන පිළිබඳව පොලීසියට විධිමත්ව කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලැබූ ආරක්ෂාවක් බවත් සුදත්ත තිලකසිරි මහතා පවසනවා.

ජනධිපති අනුර කුමාර ප්‍රමුඛ රජයෙන් මර්දන ක්‍රියාවලියක් නොමැති වුවත්, තමාට එරෙහිව ඇති ඇතැම් තර්ජන හේතුවෙන් මෙලෙස ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වූ බවද ඔහු කියා සිටියා.

සිය යූටියුබ් නාලිකාවේ පළ කර ඇති වීඩියෝවකින් ඔහු මේ බව පැහැදිලි කර තිබුණා.

ඔහු එහිදී පෙන්වා දෙන්නේ, 2024 අගෝස්තු මාසයේ පොලිස් මූලස්ථනයට ගොස් තමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇති බවට ලිඛිතව කරුණු ඉදිරිපත් කළ බවයි.

එමෙන්ම ඊට පෙර ඔහු තම ආරක්ෂාව ඇති තර්ජන පිළිබඳව පොලිසියට පැමිණිළි කළ බවත් ඒවා මුල් කරගනිමින් ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලීම් කළ බවත් ඔහු කියා සිටියා.

පසුව එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හමුවී මෙම තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළ බවත්, ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් තමාට ලැබුණු බවත්, මේ වන විට තමාට ආරක්ෂාව ලබා දී ඇත්තේ එලෙස ඉල්ලීම් කළ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස බවත් සුදත්ත තිලකසිරි සඳහන් කළා.

ජීවිතයට තර්ජනයක් ඇති ඕනෑම පුද්ගලයෙකුට පොලීසියට, පොලිස්පතිවරයාට හෝ පොලිස් මූලස්ථනයට ඒ පිළිබඳව ලිඛිතව දැනූම් දිය හැකි බවත් එවිට ඔවුන් එම තර්ජන පිළිබඳව නිසි පරීක්ෂාවක් සිදු කොට අවශ්‍ය පුද්ගලයින්ට ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුදත්ත තිලකසිරි මහතා,

“මම මේ හැමදෙයක්ම කියන්න ඕන නැහැ. ඒ තර්ජන ගැන තොරතුරු එළියට දෙන්න අවශ්‍ය නැහැ. මම දන්නවා මට තියෙන තර්ජනය මොකක්ද කියලා, හැබැයි ඉතින් අමු ගවයො ටිකක් ගහනවා මූට මොකටද දෙන්නෙ කියලා, රිචඩ් ද සොයිසා මරපු හැටි දන්නෙ නැති ගවයො මේකෙ ඉන්නවා,ඒගොල්ලෝ අහනවා මූට මොකටද දෙන්නේ,මේ අනුර කුමාරගේ යාලුවො හින්දද ආරක්ෂාව දෙන්නේ කියලා”

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES