32 C
Colombo
Friday, March 29, 2024

“වරෙන්තුවක් තියෙනවද ? නැහැ.” – ITSSL සභාපති යසිරු කුරුවිටගේ CID භාරයට ගත් හැටි

- Advertisement -

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ (ITSSL) සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (07) පස්වරුවේ සිය භාරයට ගෙන තිබෙනවා.

වට්සැප් යෙදුම සම්බන්ධයෙන් එම සංගමය විසින් සිදු කළ නිවේදනයකට අදාල ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් රැගෙන ගොස් තිබෙනවා.

යසිරු කුරුවිටගේ මහතා වෙනුවෙන් මෙම නිළධාරීන් සමඟ දුරකථනයෙන් සංවාදයේ යෙදුණු සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ මහතා එම නිළධාරීන්ට දැනුම් දී සිටියේ වරෙන්තුවක් සහිතව අත්අඩංගුවට ගැනීමක් සිදු නොවේ නම් යසිරු කුරුවිටගේ මහතාව රැගෙන යාමට ඉඩ දිය නොහැකි බවත් නීති සහය පැතීමට ඔහුට ඇති අයිතිය මත පදනම්ව පෙර අවස්ථාවේදී මෙන්ම නීතීඳයෙකු සමඟ පැමිණ ප්‍රකාශයක් ලබා දීමට පැමිණීමට හැකි බවයි.

මෙහිදී ඔහුව රැගෙන යාමට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සතුව වරෙන්තුවක් නොතිබූ බව පිළිගනු ලැබුවා. එම සංවාදය පහළින්..

පසුගිය 03වනදා එම සංගමය විසින් අගමැතිගේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සිදු කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහුව ඒ සම්බන්ධයෙන් කැඳවා ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.

වට්සැප් සම්බන්ධව එම සංගමය සිදු කළ නිවේදනය පහළින්,

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...