පානදුර – වෑකඩ ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ කාන්තාවක් එම නිවසේම මියගොස් පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගෙන තිබෙනවා.
ඇය නිවසේ පුටුවක් මත වැටී සිටින ආකාරය දුටු අසල්වැසි පුද්ගලයෙක් ඒ පිළිබදව පොලිසියට දැනුම්දී තිබුණා.
පසුව පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව ඇයගේ සිරුරු පානදුර රෝහලට රැගෙන ගොස් ඇති අතර මේ වන විට සිරුර පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේ අදාළ කාන්තාවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි.
මෙම කාන්තාව ඊයේ (05) දිනයේ මියගොස් ඇති බවට අනාවරණ වී ඇති අතර ඇය මියයන විට වයස අවුරුදු 85ක්.



