30 C
Colombo
Saturday, October 5, 2024

ප්‍රධාන අපේක්ෂකයින් සිය ඡන්දය භාවිතා කළ අයුරු

- Advertisement -

ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අද (21) උදෑසන කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිය ඡන්දය භාවිතා කර තිබෙනවා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සාමකාමීව කටයුතු කර අලුත් ගමනක් යාමට සියලුදෙනා එක් විය යුතු බවයි.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළ අතර එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සාමයෙන් මිත්‍රශීලීත්වයෙන් එකමුතුභාවයෙන් කටයුතු කිරීම සැමගේම යුතුකම සහ වගකීම බවයි.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේදී විරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කර සිටියා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ සයිකෝජි පෙරපාසල් ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

හිටපු මන්ත්‍රීවරු 30කට වැඩි පිරිසකට පාර්ලිමේන්තු ඡන්දෙ එපා වෙලා

නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 30කට ආසන්න පිරිසක් මෙවර මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇති බවට පුවතක් ‘Ceylon Today’ වාර්තා කරනවා.  මෙම මන්ත්‍රීවරුන් අතරින්...

වතුර බෝතල්වලටත් පාලන මිලක්?

දැනට වෙළඳ පොලේ රුපියල් 100කට අලෙවි කරන මිලිලීටර 500 යේ ජල බෝතලයක් රුපියල් 70කට ලබා දිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ...

ඖෂධ වර්ග 80ක් තවමත් හිඟයි

මෙරට ඖෂධ වර්ග 80ක පමණ තවදුරටත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, අදාළ ඖෂධ රෝහල් මට්ටමින් මිලදී ගැනීමට අවසර ලබා දී...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...