32 C
Colombo
Friday, April 19, 2024

අරගල භූමියේ රැය පහන් කෙරුණ හැටි (ඡායාරූප)

- Advertisement -

ජනාධිපතිවරයාට සහ සියලුම රාජපක්ෂවරුන්ට විරෝධය පා කොළඹ ගාලු මුවදොර අසළ ඊයේ (09) දහවල් සිට ආරම්භවූ දැවැන්ත විරෝධතාවය සාමාන්‍ය ජනතාවගේ නොමද සහයෝගයෙන් දැඩි ජවයකින් පවත්වාගෙන ගොස් තිබුණා.

විවිධ පුද්ගලයින් අරගලකරුවන් හට ආහාර හා පානීය ජලය ලබාදීමට කටයුතු කළා.

සන්ධ්‍යා භාගයේදී එම ස්ථානයට පැමිණි මුස්ලිම් ජාතිකයින් අරගල භූමියේ සිට සිය දිනයේ නෝම්බි උපවාසය අවසන් කිරීමට ආහාර ගෙන දෙවියන් හට යාඥා කරන ආකාරය දක්නට ලැබුණා.

රාත්‍රියේද ගෑස් ලිප් හා විවිධ උපකරණ රැගෙන ආ තවත් පිරිසක් ගාලු මුවදොර අසළම තබාගෙන ආහාර පිස විරෝධතාකරුවන්ට ලබාදීමට කටයුතු කළා.

එමෙන්ම තවත් පිරිසක් කූඩාරම් රැගෙන විත් ගාලු මුවදොර පිටියේ රැය පහන් කරන සියලුම දෙනාට පහසුකම් ලබාදී තිබුණා.

මෙය දේශපාලන පක්ෂයක මැදිහත්වීමකින් තොරව සාමාන්‍ය ජනතාවගේ එකමුතුවකින් සිදුකරන ලද මහා දැවැන්ත විරෝධතාවක් බවයි දේශපාලන විචාරකයින් සදහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...