හෙට (24) සිට ඇරඹෙන වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහල දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ වෙනුවෙන් දිනයක් සහ වේලාවක් ලබාගැනීමට රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන්නැයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා දන්වා සිටිනවා.
එමෙන්ම එන්නත් ලබාගැනීමට පැමිණීමේදී දරුවාගේ සියලුම වෛද්‍ය වාර්තා ද රැගෙන ආයුතු බව අදාළ වෙබ් අඩවියේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය ජී.විජේසූරිය මහතා.
“හෙට දිනයේදී රිජ්වේ ආර්යා ළමා රෝහලේදී අවුරුදු 12ට වඩා වැඩි දරුවන්ට ප්‍රථම වරට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදෙනවා. ඒ යම් යම් සංකූලතා සහ නිධන්ගත රෝග තියෙන දරුවන්ට. එමනිසා ඔබේ දරුවන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙබ්සයිට් එකේ ලියාපදිංචි වුණාට පස්සේ ඔබට දිනයක් සහ වේලාවක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව ඇවිත් මේ එන්නත ලබාගන්න පුළුවන්. ඉන්පසු ලබන සතියේ සඳුදා දිනයේදී බස්නාහිර පළාත තුළත් ඉන්පසුව ලංකාවේ සියලුම මූලික රෝහල් සහ ඊට ඉහළින් තිබෙන රෝහල් තුළත් එම එන්නත ලබාදීමේ කටයුතු සිදුකරනවා,
අදාළ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න.