30.3 C
Colombo
Thursday, April 25, 2024

පිළියන්දල හුඳෙකලාව පැය 8 න් නිදහස් වුණේ කොහොමද?

- Advertisement -

පවත්නා කොවිඩ් පැතිරයාමේ ප්‍රවණතාවය සැළකිල්ලට ගනිමින් ඊයේ (02) උදැසන සිට පිළියන්දල පොලිස්බල ප්‍රදේශය හුදෙකලා කලද එය සවස වන විට ඉවත් කර ග්‍රාමසේවා වසම් කිහිපයක් පමණක් හුඳෙකලා කිරීම බොහෝ දෙනා විමතියට පත් කරන පුවතක් බවට පත්ව තිබෙනවා.

උදෑසන විට පැවති කොවිඩ් අවධානම් තත්ත්වය රාත්‍රිය වන විට පැය කිහිපයක් තුළ පහව ගියේ කෙසේ දැයි පිළියන්දල ජනතාව ප්‍රශ්න කරන බව අප වාර්තාකරුවන් පැවසුවා.

මන්ද මේ වන විටත් පිළියන්දල අවට ප්‍රදේශ රැසකින් තවමත් කොවිඩ් ආසාදිතයන් වාර්තා වන පරිසරයක් තුළ එම හුඳෙකලා තත්ත්වය ඉවත් කිරීම ප්‍රදේශවාසීන් අනතුරේ හෙලීමක් බවටයි ඔවුන් සදහන් කරන්නේ.

ඒ පිළිබදව අප කළ සොයාබැලීමේදී වාර්තා වූයේ මෙම හුඳෙකලා තත්ත්වය ඉවත්කිරීම ප්‍රදේශයේ දේශපාලඥයින් කිහිප දෙනෙකුගේ බලපෑම මත සිදුව ඇති බවයි.

‍ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ ඇමතිවරයාගේ පිළියන්දල – මාවිත්තර නිවසේ පිහිටුවා ඇති ඔහුගේ කාර්යාලයේ සේවය කරන පුද්ගලයන් පස්දෙනෙකුද මේ වන විට කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් අමාත්‍යවරයා ස්වයං නිරෝධායනයට හෝ යොමුවී නොමැති අතර ඔහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා පක්ෂ හිතවාදීන් සමඟ පැවති රැස්වීම්වලටද සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

පිළියන්දල අවට ඇති කර්මාන්තශාලා සහ හෝටල්වල සේවය කරන පුද්ගලයන් හරහා වෛරස පැතිරීමේ අවධානමක් ඇතත් අදාළ හුදෙකලා කිරීමේ තීරණය ආපසු හැරවීම මගින් එම ප්‍රදේශය ඉදිරියේදී දැඩි අර්බුදයකට යන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

කෙසේ වෙතත් අද (03) උදැසන 05 සිට පිළියන්දල ග්‍රාම නිළධාරි වසම් 10ක් පමණක් හුදකලා කරන බව කොවිඩ් 19 මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.

ඒ අනුව පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හෙට උදෑසන සිට හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් වන්නේ දම්පේ, බටකැත්තර උතුර, කැස්බෑව දකුණ, පැළැන්වත්ත බටහිර, මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර, මඩපාත, ගොරකාපිටිය, නාම්පමුණුව සහ පැළැන්වත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් පමණක් හුදෙකළා කෙරෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

සජිත් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාරතමේන්තුවේ ප්‍රධානීන් පිරිසක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමග ජන සන්ධානයේ නියෝජිතයන් අතර, හමුවක් අද (25) පස්වරුවේ විපක්ෂ...

පඩි සහිතව සම්බන්ධන්ට නිවාඩු දීලා

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (25) අවසර ලබාදි තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල...

රන් මිලේ වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව, අද (25) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...