27.5 C
Colombo
Wednesday, October 4, 2023

‘රැඳවියන්ගේ මෘත දේහයන් විනාශ නොකරනු ’ – මානව හිමිකම් කොමිසම

- Advertisement -

මහර බන්ධනාගාරයේදී මරා දැමුණු රැඳවියන්ගේ සිරුරුවලට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ කරන තෙක් ඒවා කිසිදු අයුරකින් විනාශ නොකොට සංරක්ෂණයට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත.
1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභා පනතේ බලාධිකාරිය අනුව මෙම නියෝගය කරන බව කියමින් ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන පිළිබඳ කොමසාරිස් රමණි මුත්තෙට්ටුවේගම මහත්මියගේ අස්සනින් යුතුව උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහල් අධ්‍යක්ෂ ෂෙල්ටන් පෙරේරා මහතාට යොමු කර ඇත.
එම ලිඛිත නියෝගය මෙසේය.


මහර බන්ධනාගාරයේදී මරා දැමුණු රැඳවියන් එකොලොස් දෙනකුගේ සිරුරු නොවැම්බර් 30 වැනිදා කොළඹ උතුර ශික්ෂණ රෝහලට බාර දී ඇතැයි ද මේ වනවිට එම සිරුරු ඔබේ භාරයේ ඇතැයි ද බලධාරින් විසින් ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිෂන් සභාවට දන්වනු ලැබ තිබේ.
එම පුද්ගලයන්ගෙන් අට දෙනකුට කොවිඞ් 19 වයිරසය වැළඳී ඇති බවට වූ මාධ්‍ය වාර්තා අපගේ අවධානයට ලක්ව ඇත.
කොවිඞ් වයිරසය ශරීරගත මෘත දේහ බැහැර කිරීමේ ක්‍රමය සම්බන්ධයෙන් අප දැනුවත් නමුත් මෙම සිරුරු වනාහි දැනටමත් දියත් කර ඇති විමර්ශනයක අතිශය වැදගත් සාධකයක් බව ඔබට අවධාරණය කරමි. 
සෞඛ්‍ය නිර්දේශානුකූලව එම සිරුරු සංරක්ෂණය කළ යුතු අතර මරණවලට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන තුරු කිසිදු අයුරකින් ආදාහනය හෝ විනාශ කිරීමක් නොකළ යුතුය. 
එසේම ඡායාරූපගත කිරීම ආදී බාහිර පරීක්ෂණ සිදුකළ යුතු අතරම අධිකරණමය විමර්ශකයන්ට සිය පරීක්ෂණ සඳහා ප්‍රවේශ පහසුකම් සැලසිය යුතුවේ. 
වෛරසය වැළඳුණු රැඳවියන්ගේ මරණ පරීක්ෂණ කිරීමට ඔබේ රෝහලේ පහසුකම් නැතත් කොටිකාවත්ත රෝහලේ මෘත ශරීරාගාරයේ ඊට අවශ්‍ය පහසුකම් ඇති බවට අපගේ විමර්ශනයේදී අනාවරණය වී ඇති බැවින් අවශ්‍ය නම් එහි විශේෂඥයන්ගේ උපදෙස් සඳහා මහේස්ත්‍රාත් නියෝගයක් ලබාගැනීමට කටයුතු කළ යුතුය. 
ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිෂන් සභාව 1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව රැඳවියන්ගේ සුබසිද්ධිය උදක්ම අපේක්ෂා කරන අතර මෙම ලිපිය ඔබ වෙත යොමුකෙරෙන්නේ එම පනතේ එකී බලාධිකාරිය අනුව බව ද අවධාරණය කරමි. 
අදාළ නියෝගයේ පිටපත් පොලිස්පතිවරයාටත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාටත් කැලණිය විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ මහත්මියට හා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ හඳුන් විජේවර්ධන මහතාටත් යොමු කර ඇත.

RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...