32 C
Colombo
Saturday, April 20, 2024

සිරගත කර සිටින අන්තරේ නායකයන් ගැන මානව හිමිකම් පැමිණිල්ලක්

- Advertisement -

අද (03) දිනයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා සිරගත කර සිටින අන්තරේ කැදවුම්කරු ඇතුළු 05දෙනාගේ ඥාතීන් මානව හිමිකම් කොමිසම් සභාව හමුවේ පෙනී සිටින ලදි.

ඒ සිරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු සිසු නායකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව පැමිණිලි කිරීමටයි.

එහිදී මෙම පැමිණිල්ලට අදාලව වග උත්තර කරුවන ලෙස කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, දේශබන්දු තෙන්නකෝන් සහ තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයා නම් කරන ලදී.

පැමිණිල්ලට අදාලව,

• මහා මාර්ග ආඥා පනත මගින් නඩු පැවරිය යුතු සිදුවීමකට පොලීසිය හිතාමතාම ඇප ලබා ගැනීමට නොහැකි වන අයුරින් පොදු දේපළ පනතින් නඩු දැමීම හා චේතනාන්විතව මැදිහත් වීම.
• කෝශිලා හංසමාලි සහ චමීර කොස්වත්ත යන අයට සාක්ෂි නොමැති නිසාවෙන් පොදු දේපළ පනතින් නඩු පැවරිය නොහැකි බව පොලීසියම අධිකරණයට කරුණු වාර්තා කර ඇති මොහොතකත් අධිකරණය මගින් ඔවුන්ව රදවා තබා ගැනීම.
•අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට ගත් දින පොලීසියේ දී තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ දුරකථනය මාරගයෙන් දේශබන්දු තෙන්නකෝන් පොලිස් අධිකාරීවරයා අන්තරේ කැදවුම්කරුට තරජනය කිරීම හා එම ප්‍රකාශ අද වනවිට සනාථ වීම.
•ගොණුකර ඇති චෝදනා ඔප්පු කිරීමට තරම් කිසිදු සාක්ෂියක් නොමැති මොහොතකත් අද වනවිට මාස 03 ක් දක්වා අත්තනෝමතික ලෙස රදවා තබා ගැනීම හා දේශපාලන මැදිහත් වීම

යන කරුණු ඉදිරිපත් කළ අතර ඉදිරියේදී පොලීසිය, අධිකරණය හා යුක්තිය පසිඳලීමේ ආයතන වල ක්‍රියා කලාපය හා ආණ්ඩුවේ හිතවාදී නොවන පුද්ගලයන් මර්දනය කිරීම හා අදහස් ප්‍රකාශ කිරීමේ හා භාෂණයේ අයිතිය උදුරා ගැනීම ආදී මූලික අයිතිවාසිකම් කඩකිරීමට අදාලව ජාත්‍යන්තර මානවහිමිකම් ආයත වලට ද පැමිණිලි කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවද පැවසේ.

RECENT ARTICLES - SINHALA

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන නිවේදනයක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන්...

නැවෙන් එන සංචාරකයින්ට ඔන්ලයින් වීසා

නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහාද නව මාර්ගගත(Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.   එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...