32 C
Colombo
Sunday, June 4, 2023

පන්ජ්ෂීර් තැනිතලාවේ මහ සටනක් ඇරඹෙන ලකුණු

- Advertisement -

මෙතෙක් ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයට යටත් නොවුණු පන්ජ්ෂීර් පළාත යටත් කර ගැනීම සදහා තලේබාන් සංවිධානය සටන්කරුවන් යවා ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සදහන් ක⁣ළේ මේ වනවිට තලේබාන් සටන්කරුවන් දහස් ගණනක් එම පළාත් සීමාවේ එක් රැස්වී පළාතේ බලය අල්ලා ගැනීම සදහා සටන්වැදීමට සූදානමින් සිටින බවයි.

කාබුල් අගනුවරට ඊසාන දිගින් පිහිටි පන්ජ්ෂීර් පළාත තලේබාන් සටන්කාමීන්ට මෙතෙක් කිසිදිනක බලය අල්ලා ගැනීමට හැකිවූ ප්‍රදේශයක් නොවේ.

මුජහිදීන් සංවිධානයේ බලය යටතේ පවතින එම පළාතේ නායකයා ලෙස කටයුතු කළේ අහමඩ් ෂා මෂූඩ් වන අතර පසුව ඔහු අල්කයිඩා සංවිධානය විසින් ඝාතනය කරනු ලැබිණ.

මේ වනවිට ඔහුගේ පුත් ෂා මෂුඩ් එහි පාලකයා වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇෆ්ගනිස්තානයේ පළමු උප ජනාධිපති අමුරුල්ලා සලේ ද ඔහු හා එක්ව සිටින බවයි.

තලේබාන් සංවිධානය අහමඩි ෂා මෂුඩ්ට පවසා ඇත්තේ යටත් වන ලෙස වන අතර ඔහු එය ප්‍රතික්ෂේප කරමින් සදහන් කර ඇත්තේ තමන් සාම සාකච්ඡාවකට පමණක් සූදානම් බවයි.

මේ පසුබිම තුළ පන්ජ්ෂීර්හි ගැටුමක් ඇවිලීමේ පසුබිමක් නිර්මාණය වී ඇති අතර තම පළාතේ වැසියන් තලේබාන්වරුන් සමග සටනට සූදානම් බව ෂා මෂුඩ් පවසා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇෆ්ගනිස්තානයේ විවිධ ප්‍රදේශවල විසිරී සිටින තලේබාන් විරෝධී මුජහිදීන් ඇතුළු විවිධ සංවිධානවල සාමාජිකයන් ⁣සිය ගණනක්ද මේ වනවිට පන්ජ්ෂීර් වෙත පැමිණ ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...