25 C
Colombo
Saturday, December 9, 2023

මම ජනරජයට වඩා දහස් ගුණයකින් පොහොසත්..! – ජනපති හෙළිකරයි

- Advertisement -

ජනරජයට වඩා තමා දහස් ගුණයකින් ධනවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ 2022 සම්මාන උළෙල අමතමින්.

මේ අතර ඩයස්පෝරාවේ සහය ලබාගැනීම සඳහා ඩයස්පෝරා කාර්යාලයක්ද මෙරට පිහිටුවීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බවත් උත්සවය අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියා.

“දැන් අප පසුකරන්නේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ කාලසීමාවක. අපි නැවතත් යථා තත්ත්වයට පත්වෙමින් සිටිනවා. තත්ත්වය බොහෝදුරට සාමාන්‍ය අතට හැරී අවසන්. මම නැවතත් හදිසි නීතිය දීර්ඝ කරන්නේ නෑ. මම හිතන විදියට හදිසි නීතිය මේ සති අන්තය වනවිට අවසන්වීමට නියමිතයි. නමුත් එය පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. අපි ආකල්පමය වශයෙන් වෙනස්වීම අවශ්‍යයි. එසේ කළහොත් ඉන්පසු මේ රටට අනාගතයක් පවතීවි. එසේ නොවුනහොත් අපි තවත් ලෙබනනයක් බවට පත්වෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස පත්වු විට මම හඳුනාගත් කරුණක් තමයි විදේශ විනිමය තත්ත්වය සැලකූ විට මම ශ්‍රී ලංකා ජනරජයට වඩා පොහොසතෙකු බව. මගේ නිවසේ තිබෙනවා මා විසින් ඉතිරි කරගත් ඩොලර් දහසක්. ඒ අනුව මම ජනරජයට වඩා දහස් ගුණයකින් පොහොසත්.

ඉතින් දැන් අප කළ යුත්තේ කුමක් ද? අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් සාකච්ඡා කරමින් සිටිනවා. කාර්ය මණ්ඩල එකඟතාවයක් සඳහා අවසන් කොන්දේසි සැකසීමට දැන් කණ්ඩායම් දෙකක් සිටිනවා. ණය පැකේජයක් ලබාදීමට සැලසුම්කරන බටහිර සහ චීනය ණය ආපසු ගෙවීම සඳහා අමතර මුල්‍යාධාරයක් ලබාදීමට සුදානම් වීමයි. මෙම ඉලක්කයන් කරා ළඟාවිය හැකි ආකාරය ගැන අප ජපානය සමග සාකච්ඡා කරනවා. අපි කඩිනමින් ක්‍රියාත්මක වුවහොත් මෙය කෙටිකාලීන වේදනාවක් වෙයි. එහෙත් තවදුරටත් වාද විවාද සිදුකළහොත් සියල්ලන්ටම විඳවීමට සිදුවේවි. අපි නැවතත් පැරණි දේශපාලනමයේ ම ද නිරතව සිටින්නේ පැරණි ක්‍රමය ගෙන ඒමට ද? එයයි ප්‍රශ්නය ? හරි අපි මුලින්ම 22 වන සංශෝධනය සම්මත කරගමු. මමත් ඔබත් ඊට සහාය දක්වන බව මම දන්නවා. ඉන්පසුව අපි පාර්ලිමේන්තුව රජයක් බවට පත්කිරීමට උත්සාහ කරමු.

අංශික අධීක්ෂණ කාරක සභා, ජාතික සභාව, අධීක්ෂණ කාරක සභාවට සහභාගිවිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ. ඔවුන්ට තරුණ නියෝජිතයින් 5දෙනෙකුට ආරාධනා කළ හැකියි. ඔවුන්ට කමිටු සභාපතිවරයාගේ අවසරය පරිදි පක්ෂවලින් ප්‍රශ්න කළ හැකියි. ලෝකයේ වෙනත් කිසිදු රටක් මේ ආකාරයෙන් තරුණ පිරිසට ආංශික අධීක්ෂණ කමිටුවලට සහභාගීවෙන්න අවස්ථාවක් ලබාදී නෑ. අපිට මේ පාර්ලිමේන්තුව හරහා නව ක්‍රමවේදයකට අවතීර්ණ විය හැකියි. අපට එය තවත් පිරිසකට පැවරිය නොහැකියි. අපේ දරුවන් අපේ බැවින් සහ අප ලබාගත් බැවින් රැගෙන යා යුතුමයි. මේ අනුව නව ව්‍යවස්ථාවක් කරා යාමටත් අපිට හැකියාවක් තිබෙනවා. ජන වර්ග අතර ගැටලුව ද අප විසින් විසඳාලිය යුතුයි. යුද්ධය 2009 වසරේ දී අවසන් වු බැවින් අපි නැවතත් යුද්ධ කළ යුතු වන්නේ නෑ. අපි ඩයස්පෝරාව දෙසත් බැලිය යුතුයි. ඔවුන් ශක්තිමත් මෙන්ම ආයෝජන මුලාශ්‍රයක්. ඒ අනුව මම තීරණය කළා ඩයස්පෝරාවේ ගැටලු සහ අපේකෂාවන් සොයා බැලීම සඳහා මෙහි ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවන්න. “


RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...