26 C
Colombo
Thursday, October 10, 2024

හොරුත් එක්ක දීග කන්න මට ලැජ්ජයි – සජිත්

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කර එහි ප්‍රතිපාදන පළුදු නොකරන පොදුජනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයකට නායකත්වය ලබා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.

“වර්තමානයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හරහා නවතම ඒකාධිපති ආඥාදායකත්වයක් ඇති කර තිබෙනවා. විධායකය වටා බලය කේන්ද්‍ර කර ගෙන හිතුමතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අමුඅමුවේ උල්ලංඝනය කර ඔවුන් කැමති පොලිස්පති පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් කටයුතු කළා. එය මේ වන විට එය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටවලා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මෙරට ජනතාවගේ සර්වජන ඡන්ද බලය උල්ලංඝනය කරමින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම තුළ ඔහු මූලික අයිතිවාසිකම් කඩ කරන්නෙක් බවට අධිකරණය ඒකමතිකව තීන්දුවක් දුන්නා.

මට අගමැති වෙන්න 71 වතාවක් ආරාධනා කළා. ගෝඨාභය රාජපක්ෂ පවා අගමැතිකම බාර ගන්න කතා කළත් මම ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. වත්මන් ජනාධිපතිවරයා මෙන් මම හොරු සමඟ එකට වාසය කළේ නැහැ. රට හොරා කෑ හොරුත් එක්ක දේශපාලන දීග කන්න මට ලැජ්ජයි. ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට විවිධ ක්ෂේත්‍ර යටතේ පත්වීම් කළ හැකි බලය ලැබෙනවා. ඒත් මම මගේ තනි මතයට වැඩකරන්න සූදානම් නැහැ”

RECENT ARTICLES - SINHALA

අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස එම්.ආර්.වයි.කේ.උඩවෙල පත් කර තිබෙනවා. හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු ඩබ්.කේ.ඩී.විජේරත්න පසුගිය 07 වැනිදා සිය...

සුගීෂ්වර බණ්ඩාර ගෑස් ටැංකියෙන් කොළඹට

සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ (09) නව ජනතා පෙරමුණේ නායකයා වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා අත්සන් තැබුවා. ලාංකේය තාරුණ්‍යය බලාපොරොත්තු වූ තවමත් යථාර්තයක් කර ගැනීමට අපොහොසත්...

අනුරගේ ෆොටෝ දාන්න කලින් අපිට කියන්න

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළකිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගන්නා ලෙස සියලු...

POPULAR ARTICLES

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ශානි අබේසේකරට නව රජයෙන් වගකීමක්

0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානී අබේසේකර මහතාට වගකීමක් භාර දීමට නව රජය තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, විජිත හේරත් මහතා...

හරිනිගෙයි විජිතගෙයි මූණු දාලා මුද්දර ගහලා

150 වන ලෝක තැපැල් දින සැමරුම් උත්සවය අද (09) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා. මේ සඳහා අගමැතිනි හරිනි අමරසූරිය මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව...