අද දිනයේ නිකුත් වීමට නියමිත මැතිවරණයේ ප්රතිඵලය කුමක් වුවත් රනිල් වික්රමසිංහ මහතාට සහය දක්වන පාර්ශවය නියෝජනය කිරීම සම්බන්ධයෙන් තමා ඉතා ආඩම්බර වන බව විදේශ කටයුතු අලි සබ්රි මහතා පවසනවා.
සිය නිල X ගිනුමේ සටහනක් තබමින් අලි සබ්රි මහතා මේ බව සඳහන් කළා.
රනිල් වික්රමසිංහ මහතාගේ නායකත්වය මෙරටට හිමි වූයේ රට ඉතා අර්බුදකාරී තත්වයකට පත්ව තිබූ අවස්ථාවක බවත් අලි සබ්රි මහතා මෙම සටහන මඟින් පෙන්වා දෙනවා.