33 C
Colombo
Tuesday, April 16, 2024

විල්පත්තුවේ ගස් හිටවන්න මට බැහැ – බදියුදීන්

- Advertisement -

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව පිහිටි කල්ලාරු රක්ෂිත කැළෑ ප්‍රදේශය හෙළිකොට අනවසර ඉදිකිරීම් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කෙරුණු නඩුවකදී අභියාචනාධිකරණය විසින් රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව නිකුත් කර තිබෙන නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එම පෙත්සම මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (22) කැඳවනු ලැබූවා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම පෙබරවාරි මස 03 වනදා කැඳවන ලෙසයි.

විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කල්ලාරු හා මරිච්චුකට්ටි වනාන්තර එළිපෙහෙළි කොට අනවසර ඉදිකිරීම් ගොඩනැගීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2015 වසරේ එවක අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය අදාළ වනාන්තර එළිපෙහෙළි කිරීම නීති විරෝධී යැයි තීන්දු කරමින් එම ප්‍රදේශයේ යළි ගස් සිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.

එම ගස් සිටුවීමේ වැඩපිළිවෙළ සඳහා දැරීමට සිදුවන වියදම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ගෙවිය යුතු බවටද අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් වුණා.

එම අභියාචනාධිකරණ නියෝගය නීතියට පටහැනි බවත් තමන්ට එරෙහිව සිදුකර තිබෙන අදාළ නියෝග බලරහිත කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලිස්සන ගසක් කඩා වැටී 4ක් රෝහලේ

ගම්පොළ, ගම්පලවෙල, රජඇළගම ප්‍රදේශයේ ඊයේ (15) පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. මෙම අවුරුදු උත්සවයට අවට ගම්වාසීන් ඇතුළු...

වැටුප් ගැටලුව ගැන මම හොයලා බලන්නම් – රනිල්

වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් තමා සොයා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (16) දිනයේ ශ්‍රී ලංකා රුපියල, සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, අද දිනයේ...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...