29 C
Colombo
Friday, June 2, 2023

ත්‍රිකුණාමල තෙල් ටැංකි මම ඇමරිකාවට දුන්නෙ නෑ – ගම්මන්පිළ

- Advertisement -

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හා අක්කර 33000ක භූමියක් ඇමරිකාවට බදුදීමට තමන් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් නොකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

එමෙන්ම, එසේ ඉදිරිපත් කළේ නම්, එහි පිටපතක් ඉදිරිපත් කරන ලෙස දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාට ඔහු අභියෝග කර සිටිනවා.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් තමන් පිළිබඳ අසත්‍ය කරුණු රාශියක් ප‍්‍රකාශ කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ජවිපෙ සටන් සගයා වන එක්සත් ජාතික පක්ෂය විසින් 2003 වසරේ දී ඉන්දියාවට වසර 35කට බදු දී ඇති බැවින් එම ටැංකි නැවත තවත් රටකට බදු දීමේ හැකියාවක් නොමැති බව වසන්ත සමරසිංහ මහතාට නොතේරිම පුදුම සහගත බවත් 2003ට 35ක් එකතු කළ විට පිලිතුර 2038 බවත් අපි තවමත් ඉන්නේ 2021 වසරේ බව වසන්ත සමරසිංහ මහතා නොදන්නා බවත් උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ත‍්‍රිකුණාමල වරාය ඇමෙරිකාවට බදු දීමට නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ යුත්තේ වරාය ඇමති මිස බලශක්ති ඇමති නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු වන වසන්ත සමරසිංහ මහතා නොදැන සිටීම හාස්‍යජනක යැයි ද ඇමෙරිකාවට බදු දීමට තබා දේශීය අවශ්‍යතාවයකට භාවිතා කිරීමටවත් බලශක්ති අමාත්‍යාංශය සතුව ත‍්‍රිකුණාමලයේ අක්කර 33,000ක් නොමැති බවත් අක්කර 33,000ක් යනු ගම්මාන රාශියක් පුරා පැතිරෙන දැවැන්ත ඉඩමක් බවත් සමරසිංහ මහතාගේ සාමාන්‍ය දැනීම සඳහා දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කරන ලදි.


RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...