28.4 C
Colombo
Friday, April 26, 2024

මම බීමත් රාජ්‍ය ඇමති එක්ක වැලිකඩට ගියේ නෑ – පුෂ්පිකා

- Advertisement -

බීමතින් වැලිකඩ බන්ධනාගාරයට ගොස් කලහකාරී ලෙස හැසිරුණු රාජ්‍ය ඇමතිවරයා සමඟ විවාහක රෑ රැජිණක්ද ගිය බවට පලවන පුවත හරහා තමන්ව වක්‍රාකාරව ඊට සම්බන්ධ කර ඇතැයි විවාහක රූ රැජිණ කිරුළ දිනූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසනවා.

මේ දිනවල වක්‍රාකාරයෙන් තමා සම්බන්ධ කොට ප්‍රචාරය වන ප්‍රවෘත්ති සියල්ල අසත්‍ය බවයි ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ.

කිරුළ දිනා ගැනීමෙන් පසුව තමා සියළුම දේශපාලන කටයුතු වලින් ඉවත්ව සිටින බවත් ලබන වසරේ මුල ඇමරිකාවේ las vegasහි පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගය සඳහා තමන් මේ දින වල සූ දානමෙන් සිටින බවත් ඇය එම සටහනෙන් පවසා සිටිනවා.

එබැවින් මෙවන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට පෙර පෞද්ගලිකව තමාගෙන් විමසා හෝ සත්‍ය සාක්ෂි පදනම් කරගෙන එවන් ප්‍රකාශ සිදු කරන්නට අදාළ පාර්ශ්වයන් වගබලා ගන්නේ නම් එය තවත් අයකුගේ පෞද්ගලිකත්වයට ගරු කරන සමස්ත මානව සංහතියටම වැදගත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඇය අවසන් වශයෙන් පවසා සිටිනවා.

එම සම්පූර්ණ සටහන පහතින්,

සියලුම මාධ්‍ය ආයතන සහ මා ආදරණීය හිතවත් ශ්‍රී ලාංකික ජනතාව වෙත කරන විශේෂ දැනුම් දීමකි.

හිතවත් මහත්මයාණෙනි/ මහත්මියනි,

මෙම විශේෂ සටහන තබන්නේ මේ දිනවල වක්‍ර ආකාරයෙන් මා සම්බන්ධ කොට ප්‍රචාරය වන අසත්‍ය ප්‍රවෘත්ති සම්බන්ධයෙනි.

පුෂ්පිකා ද සිල්වා වන මම, මේ රටේ පැවති විවාහක රූ රැජින තරගාවලියේ දී විවාහක රූ රැජිණ ලෙසින් කිරුළ පැලඳුවෙමි. ලබන වසරේ මුල ඇමරිකාවේ las vegasහි පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සූදානම් වෙමින් සිටිමි.

මෙය, ගරු රෝසි සේනානායක මැතිණිය රැගෙන ආ විවාහක රූ රැජින කිරුළ මා විසින් යලිත් අප රටට ගෙන ඒමට ඉතාමත් දුෂ්කරතා මධ්‍යයේ පුහුණු වීම් කරමින් සහ එක් දරු මවක් වශයෙන් මගේ දරුවාගේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරමින් සිටින අවස්ථාවකි.

ඒ අතර මේ දිනවල පවතින covid 19 වසංගතය සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් අනුගමනය කරමින්, උපකාර කළ යුතු ජනතාව වෙනුවෙන් සමාජ සේවා කටයුතුවල ද නිරත වෙමි.

මම විවාහක රූ රැජිණ කිරුළ හිමි කර ගත් පසු මම සම්පූර්ණයෙන් දේශපාලන කටයුතුවලින් ඉවත් වී සිටින අතර කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙකු වෙනුවෙන් පෙනී නොසිටින බව ඉතා වගකීමෙන් කියා සිටිමි. මගේ විවාහක රූ රැජිණ කිරුළ ලබාගැනීමෙන් පසු සැමවිටම මුලු රටක් නියෝජනය කරන පුද්ගලයකු වශයෙන් මම ඉතා වගකීමෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර සිටිමි.

නොයෙකුත් අවස්ථාවල මම සහ මගේ පවුලේ අය සම්බන්ධ කොට විකෘති සහ අසත්‍ය ප්‍රවෘත්ති යම් යම් මාධ්‍ය හරහා ප්‍රකාශ කරනු ලැබේ. එමගින් මගේ පෞද්ගලිකත්වයට දැඩි ලෙස හානි සිදුවී තිබේ. මෙවන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම මගින් කරන පීඩනය මටත් මගේ දරුවාටත් කිසිසේත්ම දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

ඒ නිසා මෙවන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට පෙර පෞද්ගලිකව මා ගෙන් විමසා හෝ සත්‍ය සාක්ෂි පදනම් කරගෙන එවන් ප්‍රකාශ සිදු කරන්නට අදාළ පාර්ශ්වයන් වගබලා ගන්නේ නම් එය තවත් අයකුගේ පෞද්ගලිකත්වයට ගරු කරන සමස්ත මානව සංහතියටම වැදගත් වනු ඇතැයි මම විශ්වාස කරමි.

ස්තුතියි

– පුෂ්පිකා ද සිල්වා


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...