තමා සමගි ජන බලවේගයට සහය පල කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ තමා විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
තම ජීවිත කාලය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිට කිසිදු දේශපාලන පක්ෂයකට කිසිසේත් සම්බන්ධ නොවන බව සිරිසේන මහතා වැඩිදුරටත් පවසා සිටියා.