26 C
Colombo
Wednesday, October 4, 2023

“මම ෆේල් නැහැ” ජනපති යළි යළිත් කියයි

- Advertisement -

ඇතැම් පාර්ශව තමන් “ෆේල්” බව කීව ද, තමන් ෆේල් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කුරුණෑගල, ගිරිබාව,වේරගලදී පැවති ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපති‍වරයා මේ අදහස් පළ කළා.

“සමහර අය කියනවා මං ෆේල් ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් හමුදාවේ රට වෙනුවෙන් වැඩ කළා යුද්ධ කළා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්වරයා හැටියට අවුරුදු 30ක් තිබිච්ච යුද්දේ අවසාන කළා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. ඒ ගෞරව උපාධිය, දැන් මේක බෝනස්. මේ ජනාධිපතිකමෙන් හම්බ වෙන්නේ බෝනස් මාක්ස් ඒකේ මම පාස් වෙලා හුඟක් කල්. ගෞරව උපාධිත් එක්ක ම දැන් ඩබල් පී.එච්.ඩී. එකට මේ වැඩ කරන්නේ,”

එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ තමන් පාස්කු ප්‍රහාරය මතින් බලයට නොපැමිණි බවයි.

“මමවත් මේ රජයවත් අපේ ආණ්ඩුව වත් පාස්කු ඉරිදා විකුණලා නෙමෙයි බලයට ආවේ. සමහර අය කියනවා පාස්කු ඉරිදා විකුණලා බලයට ආවා කියලා. පාස්කු ඉරිදා වික්කේ නෑ. මගේ මැතිවරණයේදී මම කිසි වෙලාවකවත් පාස්කු ඉරිදා වික්කේ නෑ.”

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...