30.3 C
Colombo
Thursday, April 25, 2024

බැසිල් රාජපක්ෂ නැත්නම් මේ රට කොතනද දන්නේ නෑ

- Advertisement -

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නොසිටියේ නම්, අද වන විට රට රැඳෙන්නේ කොතන දැයි හරියට කිව නොහැකි බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසනවා.

ඒ, අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තව ටික කලක් ගිය විට ජනතාවට සෑහීමකට පත් විය හැකි පරිදි රටක් නිර්මාණය වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එවිට ආණ්ඩුවේ ක්‍රියාකලාපය ද නැතහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියා කලාපය ද නිවැරදි දැයි නියත වශයෙන් ම ජනතාවට අවබෝධ වන බවත් ඔහු පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් රට පුරා කිසිදු පදනමකින් තොරව ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් යන බවත්විපක්ෂ නායකවරයා කටට එන පලියට කිසිදු වගකීමකින් තොරව අදාළ ප්‍රකාශයන් සිදු කරන බවත් ඉඩම් අමාත්‍යවරයා පවසනවා.

සජිත් ප්‍රේමදාස හට කිසිදු ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් නොමැති බව ප්‍රකාශ කරන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, වත්මන් රජයේ අර්බුද ඇත්නම් ඒවා විවේචනය කරනවා සේම ඒවාට ගත යුතු පියවර සම්බන්ධයෙන් ද ජනතාව දැනුවත් කළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

පඩි සහිතව සම්බන්ධන්ට නිවාඩු දීලා

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (25) අවසර ලබාදි තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල...

රන් මිලේ වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව, අද (25) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන්...

විල්ගමුව පොලිසියේ ගිනි අවියක් සොරකම් කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

විල්ගමුව පොලිස් ස්ථානයේ මාර්තු 25 වනදා අතුරුදන් වූ ටී 56 ගිනි අවිය සොරා ගත් බවට පුද්ගලයෙකු ඊයේ ( 24) සවස් කාලයේදී අරලගන්විල ප්‍රදේශයේදී...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...