27.8 C
Colombo
Friday, April 26, 2024

චීන නැවෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නෙ කොහොමද කියලා තේරෙන්නෑ

- Advertisement -

නැවත නැවතත් ප්‍රතික්ෂේප වූ චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටීම මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේද යන්න තමන්ට සිතාගැනීමට අපහසු බව රක්ෂක ලේකම් විශ්‍රාමික ජනලර් කමල් ගුණරත්න මහතා පවසනවා.

භාවිතයට නුසුදුසු පොහොර පැවතීම හේතුවෙන් පොහොර තොගය ගොඩබෑමට රජය ඉඩ නුදුන් බැවින් එය ගොඩබිමට නොඑන බවත් ඒ හේතුවෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන බවට ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

”චීන නැව පැමිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ කොහොමද කියන එක මට නම් හිතාගන්න අමාරුයි. ජාතික ආරක්ෂාව භාරව කටයුතු කරන රජයේ නිලධාරියා මම. චීනෙන් පොහොර නැවක් ආවා. ඒ පොහොර නැවේ තියෙන පොහොර පාවිච්චියට සුදුසු නැති හේතු තිබෙනවා කියල වාර්තා වුණා. ඉතින් ඒ නිසා රජයෙන් ඒ නැවේ තියෙන පොහොර තොගය ගොඩ බාන්න ඉඩදුන්නේ නැහැ. ඒක තහනම් කළා. තහනම් කර තිබෙන නිසා ගොඩබිමට එන්නෙත් නැහැ. නව දවස් යයි. ඉතින් ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ නැහැ”

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...