26 C
Colombo
Thursday, March 28, 2024

ගෝඨා ඉන්න තැනක් මම දන්නෙත් නෑ..! – රනිල්

- Advertisement -

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවති රජය සත්‍ය වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සී.එන්.එන් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්ව ඇති බවත් එයින් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට අවශ්‍ය බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

ශ්‍රී ලාංකික ජනතාව දුක්විඳින බව තමන් දන්නා බවත් ශ්‍රී ලංකා ආර්ථිකය ආපස්සට ගොස් ඇති බවත් නැවතත් ආර්ථිකය බිම් මට්ටමේ සිට ගොඩනැගිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ එහිදී වධාරණය කර සිටියා.

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩ නැගීම සඳහා වසර 5-10 ක කාලයක් අවශ්‍ය නොවන බවයි වික්‍රමසිංහ පවසන්නේ.

ලබන වසර අග වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවෙනු ඇති බවත් නිශ්චිතවම 2024 වසර වන විට ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථිකයක් ගොඩ නැගීමට හැකියාව ලැබෙනු ඇති බවත් වික්‍රමසිංහ සඳහන් කරනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනටත් ඉන් පසුව සිංගප්පූරුවටත් ගිය අවස්ථාවේ තමන් කථා බහ කළ බවත් නමුත් මේ අවස්ථාවේදී රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සිටින්නේද එසේත් නැතිනම් වෙනත් තැනක සිටින්නේද තමන් නොදන්නා බවත් රනිල් වික්‍රමසිංහ සම්මුඛ සාකච්ඡාවේදි ප්‍රකාශ කළ බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරනවා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...