27.8 C
Colombo
Wednesday, June 25, 2025

චාමර සම්පත් පොලීසියේ යකා නැටුවද කියලා මම දන්නේ නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරමින් මැතිවරණ නීති උල්ලංඝනය කළ කාන්තාවන් හත් දෙනකු ඇතුළු 34 දෙනකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තැයි උරණ වූ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක බදුල්ල පොලිසියට කඩාවැදී පොලිස් නිලධාරීන්ට බැණ වැදී එම පිරිස නිදහස් කර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

“රනිල්ට විතරයි – පුළුවන් ශ්‍රී ලංකා” යනුවෙන් සඳහන් කළ ටී ෂර්ට් පැළඳ බදුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් හැසිරුණු පිරිසක් ඊයේ (05) බදුල්ල මූලස්ථාන පොලීසිය වෙත රැගෙන විත් තිබෙනවා.

මේ පිළිබඳව ආරංචි වීමෙන් අනතුරුව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක නීතිය කාටත් එකට කරන ලෙස කියමින් මෙම පිරිස නිදහස් කරන ලෙසට පොලිසියට බැණ වැදී බලපෑම් කර ඇත්තේ බදුල්ල දිසාවේ ඉහළ පොලිස් නිලධාරීන් නම් අවංකව කටයුතු කරන බවද සඳහන් කරමින්.

කෙසේවෙතත්, රාජ්‍ය ඇමැතිවරයා බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාද හමුවී සාකච්ඡා කර ඇති අතර පසුව සහකාර කොමසාරිස්වරයා එම පිරිස මුදාහරින ලෙස උපදෙස් දී ඇති බවද වර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ,බදුල්ල නගරයේ මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් හැසිරුණු පිරිසක් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් සිදු කල විමර්ශනයකට අනුව බදුල්ල පොලීසියට රැගෙන විත් ඇති බවයි.

කෙසේවෙතත්, රාජ්‍ය අමාත්‍යවරයා බදුල්ල පොලීසියට පැමිණ කලහකාරී ලෙස සිදුකල ප්‍රකාශයන් සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බවද ඔහු මෙහිදී සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  එම දෙපාර්තමේන්තුව සඳහන්...

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

POPULAR ARTICLES