33 C
Colombo
Friday, April 19, 2024

“මට සල්ලි එපා, තාත්තට සාධාරණයක් කරන්න..!” – මියගිය පුද්ගලයාගේ දියණිය

- Advertisement -

තමාට මුදල් අවශ්‍ය නොමැති බවත් තම පියා වෙනුවෙන් සියලු පාර්ශවයන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වන බවත් මියගිය පුද්ගලයාගේ දියණිය පවසනවා.

ඒ ඊයේ දින මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

පෙරේදා (19) දින රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට කළ වෙඩි තැබීමකදී රඹුක්කන ප්‍රදේශයේ පදිංචි කේ.ඩී ලක්ෂාන් නැමති 42 හැවිරිදි වියේ පසුවූ මෙම දියණියගේ පියා ජීවිතක්ෂයට පත්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ දියණිය.

“තාත්තා අපිට දවල් කියලා ගියේ ෂෙඩ් එකට පෙට්‍රල් ගහන්න යනවා කියලා. හවස බයික් එක ගන්න යද්දී තමා වෙඩි තියලා තියෙන්නේ. තනියම ඉඳිද්දී තමයි වෙඩි තියලා තියෙන්නේ. එක මාමා කෙනෙක් දැකලත් තියෙනවා. මට මේකට සාධාරණයක් ඕනේ. මට සල්ලි මිල මුදල් එපා මට මගේ තාත්තා වෙනුවෙන් පුංචි හරි සාධාරණයක් ඕනේ.

මම හැමතිස්සෙම තාත්තට කෝල් කරනවා. එතකොට කියනවා එයා කොහෙද ඉන්නේ කියලා. පස්සේ මම කෝල් ගත්තා ඒත් ඉස්සුවේ නෑ. පස්සේ තමයි කෑගල්ලේ ඉන්නවා කියලා දැනගෙන මම ගියේ. එතකොටත් තාත්තා නැතිවෙලා ඉඳලා තියෙන්නේ. මේ කිසිදේකට තාත්තා සම්බන්ධ නෑ. මොකද තාත්තා යන්නේ නෑ. නිකන් නිස්කාරණේ මගේ තාත්තව නැති කළේ. මට මේකට සාධාරණයක් ඕනේ. මගේ තාත්තගේ ජීවිතය නැතිකළා.”


RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...