26.1 C
Colombo
Monday, June 16, 2025

රැකියා ලක්ෂ 20 ක සැලැස්මක් මං ගාව තියෙනවා – නාමල්

- Advertisement -

දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් ඉදිරි වසර 10 තුළ රැකියා ලක්ෂ 20ක් බිහිකිරීමේ සැලැස්මක් තමන් සතුව පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

තවදුරටත් අදහස් දැක්වු රාජපක්ෂ මහතා තාක්ෂණය ඒකාබද්ධ කරමින් විනිවිදභාවයකින් යුතුව සියලුම ප්‍රසම්පාදන කටයුතු සිදුකරන බවත් තාක්ෂණයේ උපයෝජනය හරහා මැතිවරණ වේදිකාවෙන් වංචාව,දුෂණය ඉවත් කරන බවයි.

“ඔබේ දරුවා තවදුරටත් පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නේ නැතුව, තරුණ පිරිසට හැඳුනුම්පත හදාගන්න, රියදුරු බලපත්‍රය හදාගන්න පෝලිම්වල ඉන්න යුගයක් ගැන කතා කරන කාලයක සැබෑ පෝලිම අයින් කරන තැනට අපේ රටේ පරිපාලන ව්‍යුහය අපි පරිවර්ථනය කරනවා. වංචාව හා දූෂණය මැතිවරණ වේදිකාවෙන් අපි අයින් කරනවා. ඒ අයින් කරන්නේ තාක්ෂණයෙන්, ප්‍රසම්පාදන ක්‍රමවේදයේ ඉඳන් ටෙන්ඩර් පටිපාටිය දක්වා තරගකාරී ලංසු ක්‍රමයට ටෙන්ඩර් පටිපාටියන් හඳුන්වා දීලා, ඒ තාක්ෂණයත් එක්ක බද්ධ කරලා, විනිවිඳභාවය හා ගුණාත්මකභාවය ආරක්ෂාවන වැඩපිළිවෙලක් ඒ තුළින් නිර්මාණය කරන්න අපි කටයුතු කරනවා. අපි ගනුදෙනු කරන්නේ ලෝකයත් එක්ක. අපි ගනුදෙනු කරන්නේ මේ රටේ මාතෘභූමිය මහ පොළොවේ පය ගහලා ඉන්න දෙමාපියන්ගේ, දරුවන්ගේ ආර්ථිකය සුරක්ෂිත කරන්න. තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රය වෙන්න පුළුවන් ආයෝජන හා නිෂ්පාදන අංශය වෙන්න පුළුවන්, සේවා අංශය වෙන්න පුළුවන්, විදේශ රැකියා අංශවල වෙන්න පුළුවන්, රැකියා ලක්ෂ 20ක් ඊළඟ අවුරුදු 10 තුළ ඔබේ දරුවා වෙනුවෙන් නිර්මාණය කිරීමේ අභියෝගය මම භාරගන්නවා”

RECENT ARTICLES - SINHALA

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...

වත්කම් තහනම් කල සෙට් එක මෙන්න

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබෙනවා. පොලිසිය සඳහන් කලේ ඒ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබු...

POPULAR ARTICLES

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

බොරතෙල්වලට බලපාන යුද ගැටුම්

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (16) දිනයේ  WITබොරතෙල් බැරලයක මිල ඩොලර්...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...