26.1 C
Colombo
Wednesday, October 4, 2023

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

- Advertisement -

තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා.

ඒ සන්ඩේ ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්.

ජනාධිපතිවරයා හැකි සෑම අවස්ථාවේදීම ඥාණක්කාගේ දේවාලයට පැමිණෙන බවට මහජනතාව නගන චෝදනාවද ප්‍රතික්ෂේප කරන ඥානවතී ජයසූරිය හෙවත් ඥාණක්කා පවසන්නේ ඔහු මාස ගණනාවකින් තම දේවාලයට පැමිණ නැති බවයි.

පසුගිය මැයි 09 වනදා ඇතිවූ කළහකාරී තත්ත්වයත් සමඟ ඥාණක්කාගේ දේවාලය නිවස හා හෝටලය සම්පූර්ණයෙන්ම ගිනිබත් කර තිබුණා.

ඇය පවසන්නේ තමන් රෝහල් සාත්තු සේවිකාවක් ලෙස ජීවිතය ඉතාමත් අපහසු කාලයක් ගතකර දැඩි පරිශ්‍රමයකින් ගොඩනගත් ජීවිතය එක් රැයකින් ගිනි තබා විනාශ කළ බවයි.

කෙසේවෙතත් ඉන් තමන් නොවැටෙන බවත් මේ වන තෙක් කිසිදු දේශපාලඥයෙක් තමන්ට උදව් උපකාර කිරීමට ඉදිරිපත් නොවූවද අනුරාධපුරයේ සාමාන්‍ය ජනතාව තමන්ගේ සියලුම දෑ යළි ගොඩනැගීමට සහය දීමට පොරෙන්දු වූ බවත් ඇය සඳහන් කරනවා.

තමන් කිසිදු දිනෙක දේශපාලඥයෙකුගෙන් එක් රුපියලක් හෝ ගෙන නොමැති බවත්, එසේ ගෙන ඇති නම් තමන් ඕනෑම දඩුවමක් විදීමට සූදානම් බවත් 66 හැවිරිදි ඥානවතී ජයසූරිය මහත්මිය පවසනවා.

ජනාධිපතිවරයා තම දේවාලයට පැමිණෙන කිසිදු අවස්ථාවක දේශපාලන කරුණු කිසිවක් සාකච්ඡා නොකරන බවත් දේශපාලන කරුණු නිවැරදි කරගැනීමට කිසිදු ආකාරය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදු නොකළ බවත් ඥාණක්කා යළි යළිත් තහවුරු කරනවා.

සේවයේ නියුතු හා විශ්‍රමික යුද හමුදා ජෙනරාල්වරු තමන්ගේ පිහිට පතා පැමිණෙන බව පිළිගන්නා ඥාණා මෑණියන් සදහන් කරන්නේ තමන් කිසිදු වෙනත් අයුරකින් යුද හමුදාවේ සහය තමන්ගේ වැඩකටයුතු සඳහා යොදා නොගන්නා බවයි.

තමන්ගේ දේවාලය යනු ජනාධිපතිවරු කිහිප දෙනෙක්, ප්‍රබල දේශපාලඥයන්, හමුදාපතිවරු කිහිප දෙනෙක්, ව්‍යාපාරිකයන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, වෛද්‍යවරු, නීතිඥවරු, සාමාන්‍ය ජනතාව ඇතුළු විවිධ පුද්ගලයන් පැමිණෙන පොදු භූමියක් බව ඥානාක්කා සහ ඇගේ පවුලේ සාමාජිකයන් මෙහිදී සදහන් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

සමාරම්භක උලෙළක් නැති ලෝක කුසලානය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර එනම් අද (04) පස්වරු 7ට අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ සමාරම්භක උලෙළ හදිසියේම අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට්...

වත්කම් ප්‍රසිද්ධ කරලා තියෙන්නේ 225න් 12 දෙනෙක් පමණයි-හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ කොන්දේසියක් අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් දොළොස් දෙනෙක් පමණක් බව සමගි ජන බලවේගයේ කොළඹ...

මාතර සියලුම පාසල් වසා දැමේ

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර තිබෙනවා. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...