පිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල පත්වීමත් සමග අතීතයේ සිදුවූ වංචා දූෂණ ඝාතන කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
උදය ගම්මන්පිල මහතා මීට පෙර මේ රටේ නඩු කතා කර ඇති බවට ජනතාව දැක නැති බව අද (16) පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා.
කෙසේනමුත් පිල්ලේයාන් තම නීතීඥයා ලෙස මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තෝරාගෙන ඇති බවත් මන්ත්‍රීවරයා භාරගෙන තිබෙන්නෙත් පිල්ලෙයාන්ගේ නඩුව බවත් පැවසූ නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, මේවා නිකම්ම නිකම් දේශපාලන ඝාතන නොවන බවයි.
එහිදී උදය ගම්මන්පිළ මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් :
“ගම්මන්පිල මහතා මේ රටේ නඩු කතා කරනවා මීට පෙර ජනතාව දැක නැහැ. නමුත් පිල්ලයන් තම නීතිඥයා හැටියට තෝරාගෙන තිබෙන්නේ ගම්මන්පිලව. ගම්මන්පිල බාරගෙන තිබෙන්නෙත් පිල්යන්ගේ නඩුව. මේවා නිකම්ම නිකම් දේශපාලන ඝාතන නොවේ. මේවා මහා ජාලයක් ඇතුලේ ක්‍රියාත්මක වී තිබෙන දේවල්. එම නූල් බෝලය දැන් ටිකෙන් ටික ලිහෙමින් පවතිනවා.
මේ වන විට අල්ලස් කොමිසම සක්‍රීය වී පසුගිය කාලයේ යටගොස් තිබූ ෆයිල් උඩට ගනිමින් තිබෙනවා. වැරදිකරුවන්ට නඩු පවරමින් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඔවුන්ගේ කටයුතු ආරම්භ කරමින් නඩු පවරමින් අධිචෝදනා ගොනු කරමින් සිටිනවා. නීතිය පැත්තෙන් කළ යුතු සියලු දේවල් ඊට සම්බන්ධ ආයතන මගින් සිදුකරමින් පවතිනවා. රජය මඟින් සිදු කරනු ලබන්නේ ඊට අවශ්‍ය පහසුකම් සැපයීම පමණයි”