32 C
Colombo
Friday, March 29, 2024

මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ..! – ගෝඨාභය

- Advertisement -

තමන්ගේ වසර 02ක ධූර කාලය තුල කිසිඳු විදෙස් ණයක් ගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, මොණරාගල, සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අමතමින්.

පසුගිය ආණ්ඩු ලබාගත් විදේශ ණය වලින් සෑම වසරකම ඩොලර් බිලියන 6.3 බැගින් ගෙවීමට ඇති බවයි ඔහු පවසන්නේ.

“විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නේ නෑ. මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු 02ක ඇතුළත. ඩොලර් බිලියන් 6.3ක් අපි සෑම අවුරුද්දෙම ණය ගෙවිය යුතුයි. මේ ණය පසුගිය ආණ්ඩු ගත්තේ. සංවර්ධනය වෙන්න පුළුවන්, වෙනත් කරණාවලට වෙන්න පුළුවන්. නමුත් මේ ණය අපි සෑම අවුරුද්දකම ගෙවිය යුතුයි.

අපට සංචාර ක්ෂේත්‍රයෙන් එන අදායම කොවිඩ් වසංගතය නිසා නැති වුණා. අපේ ශ්‍රමිකයන් ගිහිල්ලා පිටරට වැඩ කරලා ඒ එවපු මුදල් අපට නැති වුණා. අපට 2020 පළමුවෙනි කාර්තුවේදී අපනයනවලින් ලැබෙන මුදලත් නැති වුණා. නමුත් දැන් අපේ අපනයන ආදායම ඉතා හොද මට්ටමේ පවතිනවා. අපි අපේ ශ්‍රමිකයන් විශාල වශයෙන් නැවත රැකියා සඳහා යවනවා.

මම මේ තත්ත්වය දැනගෙන විදේශ විනිමය පාලනය කර ගැනීම සඳහා අවුරුදු එකහාමාරකට ඉස්සෙල්ලා වාහන අනයනය කරන එක නැවැත්තුවේ. සුඛෝපභෝගි භාණ්ඩ ගෙනෙන එක නැවැත්තුවේ. මේ රටේ නිෂ්පාදන කරන්න පුළුවන් භාණ්ඩ අපනයනය නැවැත්තුවා. හිඟ තත්ත්වයක් ඇති නොවෙන්න දේශීයව නිෂ්පාදනය කිරීම අපි වැඩි කර ගත යුතුයි.

ඒ වගේමයි කහ ඇතුළු එවැනි භාණ්ඩ කීපයක් මම තහනම් කෙරුවා. කහවල මිල ඉතා අධික වුණා. සැමදෙනාම කහ වවන්න ගත්තා. දැන් අපි කහවලින් ස්වයංපොෂිතයි. අපි ධාන්‍ය වර්ග 16ක් නවත්තලා තියෙනවා. ඒවා මේ රටේ වගා කරන්නට පුළුවන්. කව්පි, මුංඇට මේ අපේ රටේ වගා කිරීමට හැකියාව තියෙද්දි ඇයි අපි අපේ සල්ලි පිටරට ගොවියෙක් දෙන්නේ.

දේශීය කර්මාන්තය හා දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීම තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය. එය තමයි අපි ඉදිරියට ගෙන යන්නට අවශ්‍යය. විවෘත ආර්ථිකයත් සමඟ දේශීය කර්මාන්ත වැහිලා ගියා. අපට ලෝකයේ අනික් රටවල් සමඟ සම්බන්ධ නොවී ඉදිරියට යාමට නොහැකියි. ඒ අයගේ තාක්ෂණය අප ලබා ගන්න ඕනෑ, දැනුම ලබා ගන්නට ඕනෑ, වෙළඳපොළ ලබා ගන්නට ඕනෑ. නමුත් දේශීයව අපිත් නිෂ්පාදනය කරන්නට ඕනෑ.”

RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...