30 C
Colombo
Thursday, January 16, 2025

‍යළි විශ්වාස භංගයක් ගේන්න නොලැබේවා‍යි පතනවා – සජිත්

- Advertisement -

මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංගයක් ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද (17) පාර්ලිමේන්තුවේදී තේරී පත්වුණු  නව කථානායකවරයාට සුබ පතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ව්‍යවස්ථාදායක නියෝජනය කරන 225 ක් වූ මන්ත්‍රී මණ්ඩලයට තම මහජන සේවය ඉහළ ගුණාත්මක භාවයකින් ඉටු කිරීමට කථානායකවරයාගේ දායකත්වය අතිශයින්ම වැදගත් බවයි.

“ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස ව්‍යවස්ථාදායකය තුළින් වඩා පරිණත ප්‍රශස්ත සේවාවක් රටේ ජනතාවට සිදුකරන ගමනේදී ඔබ සතුව සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා.

ව්‍යවස්ථාදායක නියෝජනය කරන 225 ක් වූ මන්ත්‍රී මණ්ඩලයට තම මහජන සේවය ඉහළ ගුණාත්මක භාවයකින් ප්‍රශස්ත මට්ටමකින් රටට ඉටු කිරීම සඳහා ඔබගේ දායකත්වය අතිශයින් බලපානවා.

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ හැම මන්ත්‍රීවරයෙකුටම එක හා සමානව සලකමින් ඔවුන් හැම දෙනාම නියෝජනය කරන මතයට ඉඩකඩ ලබා දී ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන පුරුකක් බවට ඔබතුමා පත් වෙනවා”

අපිට සිදුවුණා හිටපු කතානායකට විරුද්ධව විශ්වාස භංගයකට මුල පුරන්න. මේ පාර්ලිමේන්තු කාලය තුළදී එවැන්නක් යළි ක්‍රියාත්මක කරන්නට ඉඩ නොලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.අපට අවශ්‍ය ස්ථාවර රටක්. ශක්තිමත් රටක්”

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...