28.4 C
Colombo
Sunday, May 18, 2025

මම ජීවත් වෙන්නේ ඉඩම් විකුණලා-චන්ද්‍රිකා

- Advertisement -

තමන් ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නාවිට තම බැංකු ගිණුමේ මුදල් නොතිබූ බවත්, මේ වනවිට ඉඩම් විකුණා ජීවත් වන බවත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

වත්මන් දේශපාලන සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය මේ බව පවසා තිබුණා.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් කුමාරතුංග මහත්මිය පවසා තිබුණේ, ආණ්ඩුවෙන් තමන්ට කිසි දෙයක් නොලැබෙන බවයි.

එමෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අවුරුදු නවයක් තමන්ට විශ්‍රාම වැටුප ලබා නොදුන් බව කුමාරතුංග මහත්මිය සඳහන් කරනවා.

“අපි කාගෙන්වත් කාලා නැහැ. අපේ තියෙන ඒවා අනික් අයට දුන්නා මිසක්. ජනාධිපති ධුරයෙන් ගෙදර යනකොට ඇත්ත වශයෙන්ම මගේ බැංකු ගිණුමත් ඕවර් ඩ්‍රාෆ්ට්. පස්සේ ඉඩම් විකුණ විකුණ දැන් ජීවත්වෙන්නේ. ආණ්ඩුවෙන් මට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂගේ අවුරුදු නවයම මට පෙන්ෂන් එක දුන්නෙත් නැහැ. මගේ සේවක මණ්ඩලයේ පඩි ගෙවන්නේ මම. ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නේ මම. මට ලැබිලා තියෙන්නේ රජයේ ගෙයයි, වාහන 4යි. මට යන්න ජීප් එකකුයි , කාර් එකකුයි. ආරක්ෂකයින්ට දෙකක් තියෙනවා. කාර් 4ක් තියෙනව, ඒවත් ඕන්නම් ගත්තාවේ. බස් එකේ ගන්න මට කිසි ලැජ්ජාවක් නැහැ.”

RECENT ARTICLES - SINHALA

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ නිල චෙම්බරය තුළ රහසේ ලිංගිකව...

POPULAR ARTICLES