28 C
Colombo
Thursday, October 3, 2024

මම කියන්නේ කරන්න පුලුවන් දේවල් විතරයි – නාමල්

- Advertisement -

ජනතාව ඉදිරියේ දී තමා ප්‍රකාශ කරන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පසුගිය 07 වනදා මහර ආසන බලමණ්ඩලයේ පැවැති ජනහමුවක් අමතමින්.

එහිදී වැඩි දුරටත් අදහස් පළකළ ඔහු කියා සිටියේ,

” විශේෂයෙන්ම අපි බදු ප්‍රතිපත්තිය සරල කරනවා. පැහැදිලිවම මේ රටේ සරල බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අසීමිත බදු ක්‍රමයක් තුළ ආණ්ඩුවටවත් ජනතාවටවත් සාධාරණයක් වෙන්නෙ නැහැ. අපි පසුගිය කාලයේ ඒක දැක්කා. එදා පඩි වැඩි කරන්න විදියක් නැහැ කිවුවා බදු වැඩි කරන්නෙ නැතිව. නමුත් දැන් බදු නැතිව පඩි වැඩි කරන්න පුළුවන්හු. අපි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තිබෙනවා. දැක්මක් ඉදිරිපත් කරලා තිබෙනවා. සියලු දෙනාටම මෙය ලැබෙන්න සලස් වනවා. මේ රටට හිත කර, ගැලපෙන දේශපාලන ප්‍රතිපත්ති තිබෙන්නේ කා ලගද කියලා. රටේ ඒකීයත්වය ආරක්ෂා කරනවා වගේම බෞද්ධ දර්ශනය මුල් කරගත් සමාජයක් තුළ සියළු සංස්කෘතීන් ආරක්ෂා කරන්න පුළුවන් කාටද කියලා. අපි අනෙක් අයට නොදෙවෙනි දේශපාලන පොරොන්දු දීලා නැහැ. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ පුළුවන් කියලා කියනවා. මගේ දැක්ම ප්‍රායෝගිකයි. දෙමාපියන්ට ගරු කරන සමාජයක්, වැඩිහිටියන්ට සලකන සමාජයක් බිහි කරන්න පුළුවන් සංස්කෘතිය කේන්ද්‍ර කරගත් දේශපාලන නායකත්වයක් ලබා දෙන්නයි අපි 21 වැනිදාට ඔබගෙන් ආදරයෙන් ඉල්ලන්නේ” යැයි පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.”

RECENT ARTICLES - SINHALA

බදු බරට සහන දෙනවා- ජනපති මූල්‍ය අරමුදලට කියයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...

සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට

මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වි තිබෙනවා. ඔවුන්...

මෙරට සංවර්ධනයට කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...